April 20, 2024

නලින් බණ්ඩාර කළ ප්‍රකාශය ලොකු අවුලක් වෙයි - බුද්ධි අංශ ප්‍රධානියාගෙන් CIDයට පැමිණිල්ලක්

නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයකට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා පෙරේදා (18) සිදුකළ ලිඛිත පැමිණිල්ලට අමතරව ඊයේ (19) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක්ද ලබා දී ඇත.

පැමිණිලිකාර මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා පවසා ඇත්තේ පසුගිය 17 වැනිදා පැවති මාධ්‍ය හමුවක දී නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා තමා සම්බන්ධයෙන් පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ සහිත කරුණු සඳහන් කළ බවයි.

එම ප්‍රකාශය හරහා තමාගේ මෙන්ම තම පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව වැඩිදුරටත් පෙන්වා දී ඇත.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට විමර්ශන ආරම්භකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)

Related items