April 20, 2024

කතරගම යන්න ගිය සුඛෝපභෝගී ජීප් රිය කොස්ගම නගරය මැද ගිනිගනී - දෙපිරිසක් අතර ගැටුමක් (VIDEO)

November 29, 2020

හයිලෙවල් මාර්ගයේ කොස්ගම නගර මධ්‍යයේදී අද (29) දහවල් සුඛෝපභෝගී ජීප් රථයක් ගිනිගෙන විනාශ වී තිබේ.

කොට්ටාව ප්‍රදේශයේ සිට කතරගම බලා යමින් සිටි පිරිසක් රැගත් ජීප් රථයක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත.

ගින්න හේතුවෙන් අවිස්සාවේල්ල - කොළඹ මාර්ගයේ වාහන ධාවනයටද බාධා එල්ල වූ බව වාර්තා වේ. 

පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ජීප් රථයේ හටගත් ගින්න නිවා දැමීමට කටයුතු කළද ඒ වනවිටත් රථය මුළුමනින්ම ගිනිගෙන විනාශ වී තිබිණි. ගිනි නිවීමේ රථ පැමිණෙන විට ගින්න පාලනය කර තිබූ බවද වාර්තා වේ.

ගින්නට හේතුව කාර්මික දෝෂයක් බවට සැක පළ කරයි.

රථය ගිනි ගැනීමට ලක්වන අවස්ථාවේ එම ස්ථානයේ දෙපිරිසක් අතර ගැටුමක්ද හටගෙන ඇති බව වාර්තා වේ.

Rate this item
(3 votes)