April 19, 2024

විවේචන තියෙනවා නම් ඊට විසඳුම් ඉදිරිපත් කරන්න - ගම්මන්පිලගෙන් විපක්ෂයට අභියෝගයක්

November 20, 2020

විපක්ෂයට අයවැය ගැන විවේචන තිබෙනවා නම් ඊට විසඳුම් ඉදිරිපත් කරන ලෙස උදය ගම්මන්පිල අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටින ලදී.

මේ ආණ්ඩුව කරන ක්‍රමය වැරදි නම් හරි ක්‍රමය මොකක් දැයි පෙන්වා දෙන ලෙස ඉල්ලා සිටින අමාත්‍යවරයා ඒ සඳහා දෙසැම්බර් 10 වනදා දක්වා කල් තිබෙන බවද පෙන්වා දෙයි.

තිබෙන ණය බරින් මිදීමට නම් අපනයන වියදම හා ආනයන වියදම සමාන කල ගත යුතු බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

යහපාලන ආණ්ඩුව යටතේ අපනය හා ආනයන පරතරය ඇමරිකන් ඩොලර් බිලියන 8ක් වූ බව පෙන්වා දෙන ගම්මන්පිල මහතා මේ ආණ්ඩුව යටතේ එය ඇමරිකානු ඩොලර් බිලියන 4 දක්වා අඩු කරගෙන ඇති බවද පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාවේදී ප්‍රකාශ කල ආකාරයට මේ ආණ්ඩුව විශ්වාසය තබන්නේ ජාත්‍යන්තරය, රාජ්‍ය නොවන සංවිධාන පිලිබඳ නොව දේශීයත්වය මුල් කොට ගත් ආර්ථික සංවර්ධනයක් පිළිබඳව බවද ඇමතිවරයා සඳහන් කරයි.

Rate this item
(0 votes)