April 17, 2024

ඩයනාගේ හෘද සාක්ෂි කතාවට පදනමක් නෑ - යුතුකමින් ප්‍රහාරයක් (VIDEO)

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පිළිබඳව විශාල විශ්වාසයක් තිබෙන බව හා ඔහු රට හදයි යන විශ්වාසය තමන්ට තිබෙන බව ඩයනා ගමගේ මන්ත්‍රීතුමිය දැන් ප්‍රකාශ කරනවා නම් ඇය කළ යුතුව තිබුණේ පසුගිය මහ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස පාර්ශවයක් අතහැර ජනාධිපතිවරයාගේ දේශපාලන අභිලාෂයන් ජයග්‍රහණය කරවීම සඳහා පොදුජන පෙරමුණ සමග සම්බන්ධ වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා සඳහන් කරයි.

පසුගිය මහා මැතිවරණය පැවැත්වූයේ ජනාධිපතිවරණයට පසුව බව පෙන්වා දෙන ගෙවිඳු කුමාරතුංග මහතා එම මහ මැතිවරණයේදී ඡන්දදායකයා සමගි ජන බලවේගයට පක්ෂව ඡන්දෙ දුන්නෙ පොදුජන පෙරමුණට ප්‍රතිවිරුද්ධ මතවාදයක් දරන නිසා බවද පෙන්වා දෙයි.

එනිසා ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබෙන්නේ පොදුජන පෙරමුණට ප්‍රතිවිරුද්ධ මතයක් දරන සමගි ජන බලවේගය නියෝජනය කරමින් කරමින් නිසා ඇයට පොදුජන පෙරමුණත් සමග ඡන්දය දීමට ඇයට හෘද සාක්ෂියෙන් ඉඩ ලැබුණේ කෙසේ දැයි කුමාරතුංග මහතා ප්‍රශ්න කරයි.

ඩයනා ගමගේ මහත්මියට අවම තරමින් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ තමන් දරන මතය සමගි ජන බලවේගය කණ්ඩායම රැස්වීමකදී ප්‍රකාශ කිරීමට තිබූ බවද කුමාරතුංග මහතා පෙන්වා දෙයි.

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ සහයෝගය ආණ්ඩුවට ලබා ගැනීම තමා අනුමත නොකරන බව ද කුමාරතුංග මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 October 2020 15:25