April 25, 2024

මෙරට කොරෝනා ආසාදිතයන් 7000 ඉක්මවයි - තවත් 256ක් සොයා ගනී

තවත් කොරෝනා ආසාදිතයින් 256 දෙනෙක් හඳුනාගත් බව මීට සුළු මොහොතකට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ සේවකයින් 39 දෙනෙක්, සහ ආශ්‍රිතයින් 217 දෙනෙක් එසේ හඳුනාගෙන තිබේ.

අද (23) සවස 06.05ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාව අනුව රෝගීන් 609ක් හඳුනා ගත් අතර ඔවුන් හඳුනා ගැනීම පහත පරිදි වෙයි.

ඒ අනුව නිරෝධායන මධ්‍යස්ථානවල සිටින කොරෝනා ආසාදිත ආශ්‍රීතයන් හෝ කාර්ය මණ්ඩලය 48ක් වනවා.

මෙම කොරෝනා පොකුරට අලුතින්ම එක් වූ පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳසැලේ වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 496ක් වනවා.

ගාල්ල ධීවර වරායෙන්  05ක් ද, බේරුවල ධීවර වරායෙන් 20ක්ද, ආශ්‍රිතයන් ලෙස තවත් පුද්ගලයින් 40ක් ද නව ආසාදිතයන් ලෙස හඳුනා ගෙන තිබේ.

ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 865ක් වෙයි. 

Rate this item
(0 votes)
Last modified on Friday, 23 October 2020 22:52