March 28, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට්ට එරෙහි නඩුව නිෂ්ප්‍රභා කෙරේ

September 30, 2020

කොළඹ වාණිජ මහා අධිකරණය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් රුපියල් මිලියන 16කට වඩා මුදලක් ඉල්ලා පුද්ගලික සමාගමක් විසින් ගොනු කර තිබු නඩුවක් නිෂ්ප්‍රභා කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව මෙම නඩුව පවරා තිබුනේ Triumphal Trading and Consultancy Services (Pvt) Ltd සමාගම විසිනි.

ඒ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ 2009 වර්ෂයේ ඉදි කළ ගොඩනැගිල්ලක් මුල් කොට ගෙන ලැබිය යුතු මුදලක් සම්බන්ධයෙනි.

වාණිජ මහාධිකරණ විනිසුරු එම්.එස්.කේ.බී.විජයරත්න මහතා දෙපාර්ශවයේම ඉදිරිපත් කළ කරුණු සලකා බලා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම නඩු කටයුත්තේ දී ඉසුරු බාලපටබැඳි සහ චාරුක ජයරත්න යන නීතිඥවරුන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පෙනී සිටින ලදී.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 30 September 2020 14:26