March 29, 2024

20 සංශෝධනයට එරෙහිව රසික ජයකොඩිගෙන් සහ ලිහිණි ප්‍රනාන්දුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක්

September 24, 2020

සමගි තරුණ බලවේගය නියෝජනය කරන රසික ජයකොඩි සහ නාගරික මන්ත්‍රීනි නීතිඥ ලිහිණි ප්‍රනාන්දු යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද ගොනු කළහ.

යෝජිත සංශෝධනයේ ඇතුළත් කරුණු ගණනාවක් මගින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 සහ 04 වගන්ති උල්ලංඝණය කෙරෙන බවට ඔවුන් සිය පෙත්සම් හරහා අධිකරණයට කරුණු ඉදිරිපත් කොට තිබේ.

සමගි ජන බලවේගය වෙනුවෙන් එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඊයේ ශ්‍රේෂ්ඨාධිකාණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර ඊයේ දවස තුළ පමණක් පාර්ශව 6ක් 20වැනි සංශෝධනයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කොට තිබිණි.

Rate this item
(0 votes)