April 24, 2024

පාතාලය සහ පොලීසිය අතර වෙඩි හුවමාරුවක් - “රත්මලානේ රොහා“ මියයයි (VIDEO)

September 24, 2020

ප්‍රබල අපරාධකල්ලි සාමාජිකයෙකු වන දේවමුණි හැරල් රෝහණ ද සිල්වා හෙවත් “රත්මලානේ රොහා“ පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකින් ඝාතනයට ලක්ව තිබේ.

ඊයේ (23) රාත්‍රියේ අදාළ පුද්ගලයා මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයෙන් ට්‍රොලර් යාත්ත්‍රාවක් උපයෝගී කර ගනිමින් ඉන්දියාවට පළායාමට උත්සහ දරා ඇති බව වාර්තා වේ.

සැකකරු අත්අඩංගුවට ගැනිමට යෑමේදී පොලීසියට වෙඩිතබා ඇති අතර පොලීසිය සිදුකළ වෙඩි තැබිමෙන් සැකකරු මියගොස් තිබේ.

අනතුරව සිදුකළ සෝදිසි කිරීමක දී සැකකරු සතුව තිබී ටී.56 ගිනි අවියක්, පිස්තෝලයක් සහ ඉන්දීය රුපියල් ලක්ෂ 03ක මුදලක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

මොහු මත්ද්‍රව්‍ය ජාවාරම, මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේ ය.

Rate this item
(1 Vote)