March 28, 2024

අගමැති පත් කළ කමිටුව 20 ගැන ඉදිරිපත් කළ නිර්දේශ

September 19, 2020

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලද විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව සොයා බලා ඊට එක්කළ යුතු නව යෝජනා හා සංශෝධන ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කළ මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒ සම්බන්ධයෙන් වූ සිය නිර්දේශයන් ඉදිරිපත් කොට තිබේ.

විගණන කොමිසම අහෝසි නොකිරීම, ද්විත්ව පුරවැසියෙකුට ජනාධිපතිධුරය හැර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට පත් වීමට ඉඩකඩ සැලැස්වීම, ජනාධිපතිට එරෙහිව පුරවැසියෙකුට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබීම, අමාත්‍ය මණ්ඩල සීමාව පවත්වාගෙන යාම, ඒකීයභාවය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වූ ප්‍රතිඥාව එලෙසම තබා ගැනීම, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ගණන 5 දක්වා වැඩි කිරීම, ජනපති හා අගමැති කාර්යාල විගණනයට ලක් කිරීම යන නිර්දේශයන් එහි තිබෙන බව දැනගන්නට තිබේ.

මෙම නිර්දේශයන් යළිත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු නැති බව ජනපතිවරයා විසින් අදාළ කමිටුවට දන්වා ඇති අතර ඒවා විසි වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවන්හිදී ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 18 September 2020 14:25