April 19, 2024

20 ගැන සෙවූ කමිටු වාර්තාව අද කැබිනට් මණ්ඩලයට

September 16, 2020

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ කමිටු වාර්තාව අද (16) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය දා අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කළේ ය.

ඊට පාර්ලිමේන්තුව නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නව දෙනෙකු ද ඇතුළත් වේ.

එම කමිටුව පසුගිය 14 වනදා රැස්වූ අතර එහිදී ගනු ලැබූ නිගමන ඇතුළත් වාර්තාව ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දී තිබුණි.

ඒ අනුව අදාළ නිගමනයන් අද රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Rate this item
(0 votes)

Related items