March 29, 2024

19 අහෝසි කරනවා නම් මේ පාර්ලිමේන්තුව ඩෝසර් කර දාන්න - මන්ත්‍රීවරයෙකු කතානායකවරයාගෙන් ඉල්ලයි Featured

September 11, 2020

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරන්නේ නම් ජයවර්ධනපුර පාර්ලිමේන්තුව බුල්ඩෝසර කර විනාශ කරන ලෙස නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යන බැවින් තවදුරටත් පාර්ලිමේන්තුවක අවශ්‍යතාවයක් නොමැති බවද මන්ත්‍රීවරයා කතානායකවරයාට පෙන්වා දී තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන සමගි ජනබලවේග මන්ත්‍රීවරයෙකු වන බණ්ඩාර මහතා කතානායකවරයා හමුවේ ප්‍රකාශ කොට තිබෙන්නේ පාර්ලිමේන්තුවට පුර්ණ බලතල ලබා දීමේ අරමුණින් සම්මත කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කර 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එමෙන් පාර්ලිමේන්තුව සතු එම බලතල සියල්ලම විධායක ජනාධිපතිවරයාට හිමිවන බවයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 September 2020 23:45

Related items