March 29, 2024

බටහිර මුහුදු තීරය කොළ පාට වෙයි! ධීවරයින් අල්ලා ගත් මාළුත් කොළ සහ කහ පැහැ ගැන්විලා

September 03, 2020

කොළ පැහැති ඝන ද්‍රව්‍ය තරලයක් මුහුදේ පාවෙමින් ඇතැයි අඟුලාන ආශ්‍රිත ඈත මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් පිරිසක් ධීවර දෙපාර්තමේන්තුවට පසුගිය 31 වැනිදා දැනුම් දී තිබේ.

එම කලාපයෙන් අල්ලා ගත් මසුන්ද කොළ සහ කහ පැහැ ගැන්වී තිබූ බව ධීවරයින් පෙන්වා දී තිබේ.

එම දැනුම් දීමෙන් අනතුරුව නාරා ආයතනය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබූ අතර නාරා ආයතනයේ පරිසර අංශයේ ප්‍රධානී සහ ප්‍රධාන විද්‍යාඥ ශාමලී වීරසේකර මහත්මිය සදහන් කළේ, නැවිකියුලා නැමති ඩයටම ඇල්ගී විශේෂයක් එලෙස ව්‍යාප්තව ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වූ බවයි.

එය විෂ නිෂ්පාදනය කෙරෙන ඇල්ගී විශේෂයක් බව මෙතෙක් කරන ලද පරීක්ෂණ වලදී තහවුරු වී නොමැති බව ද ඇය ප්‍රකාශ කළාය.

එම තත්ත්වය, ඊයේ වන විට මුහුදු ප්‍රදේශ රැසකින් වාර්තා වී තිබේ.

ගාල්ල, කළුතර, පයාගල, බේරුවල, හලාවත සහ මෝදර ප්‍රදේශ වලින් එම තත්ත්වය වාර්තා වූ බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක බවත් ඇය සඳහන් කළාය.

මේ අතර පිරිපහදු නොකරන ලද අපද්‍රව්‍ය මුහුදට බැහැර කිරීම නතර කිරීම සම්බන්ධයෙන් අදාළ ආයතන සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සාමාන්‍යාධිකාරී, ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ එම සාකච්ඡා අසාර්ථක වුවහොත්, අදාළ ආයතන වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 September 2020 11:27