April 18, 2024

හෙට සිටඅඩු ආදායම්ලාභීන්ට රැකියා හිමි වන්නේ මෙහෙමයි

September 01, 2020

අඩු ආදායම්ලාභීන්ට රැකියා ප්‍රධානය කිරීමේ වැඩපිළිවෙළ හෙට (02) දිනයේ සිට ආරම්භ කිරීමට සැලසුම්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ රජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු අදායම්ලාභී සහ නිපුණතාවක් රහිත ජන කොටස් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

දිළිඳු පවුල්වලින් තෝරාගත් ලක්ෂයකට මෙහිදී රැකියා ප්‍රධානයට කිරීමට නියමිතව තිබේ.

නිර්ණායක  කිහිපයක් යටතේ මෙම රැකියාලාභීන් තෝරාගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අ.පො.ස සාමාන්‍ය පෙළට අඩු අධ්‍යාපනික මට්ටමක සිටින නුපුහුණු ශ්‍රමිකයන් වීම, අයදුම්පත් කැඳවනු ලබන අවසන් දිනට වයස අවුරුදු 18ට නොඅඩු හා 40 නොවැඩි වීම, සමෘද්ධි සහනාධාරලැබීමට සුදුසු එහෙත් නොලබන පවුලක රැකියා විරහිත සාමාජිකයෙකු වීම හෝ සමෘද්ධි සහනාධාර ලබන පවුලක එහෙත් රැකියා විරහිත සාමාජිකයෙකු වීම අදාළ නිර්ණායන්ට අයත් වේ.

එමෙන්ම වයස්ගත රෝගාතුර දෙමාපියන් හෝ ආබාධිත සාමාජිකයන් සිටින පවුලක රැකියා විරහිත සාමාජිකයෙකු වීම, අයදුම් කරන ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකුවීම යන සුදුසුකම් සම්පූර්ණ කළ පුද්ගලයින් රැකියා ලැබීමට සුදුස්සෙකු බවට පත්වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

රැකියා සඳහා තෝරාගන්නා පුද්ගලයින්ට මාස 6ක පුහුණු කාලයක් හිමිවන අතර ඒ සඳහා එක් පවුලකින් එක් ඉල්ලුම්කරුවෙකු ගැන පමණක් සලකා බැලීමට නියමිතය.

අයදුම්කරුවන් පදිංචි ගම් ආශ්‍රිත ප්‍රදේශවල පවතින රැකියා අවස්ථා සහ අයදුම්කරුවන් ඉල්ලා ඇති පුහුණු ක්ෂේත්‍ර සියල්ලම සැලකිල්ලට ගෙන අදාළ වෘත්තීය පුහුණුව තීරණය කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

තමා පදිංචි ප්‍රදේශය තුළ හෝ ආසන්න ප්‍රදේශවල ඇති පුහුණු මධ්‍යස්ථානවල දී පුහුණුව හිමිවන අතර සාර්ථක පුහුණුවකින් පසු රැකියා සඳහා නියුක්ත කිරීම සිදුවනු ඇත.

මාස 06 ක අඛණ්ඩ පුහුණු කාලය තුළ මසකට රු.22,500ක දීමනාවක් හිමිවන අතර පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු තමා පුහුණුව ලැබු ක්ෂේත්‍රයට අදාළව සිය ස්ථිර පදිංචි ප්‍රදේශය තුළ රජයේ අනුමත ප්‍රාථමික ශිල්පීය නොවන වැටුප් හා දීමනා හිමි රජයේ ස්ථිර තනතුරකට පත්වීමට පුහුණුලාභීන්ට අවස්ථාව හිමිවේ.

වසර 10ක සතුටුදායක අඛණ්ඩ සේවා කාලයක් සපුරාලීමෙන් පසු රජයේ විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට ද රැකියාලාභියාට අවස්ථාව උදා වනු ඇත.

අදාළ ක්ෂේත්‍ර රැකියා ප්‍රදානය ඉදිරිපත් කර ඇති නිර්ණායක මත පමණක් සිදු කෙරෙන බැවින් රැකියා ලාභීන් යම් තැනැත්තෙකුට මුදලක් හෝ කිසියම් ආකාරයක අල්ලසක් දීම රැකියා අවස්ථාව ප්‍රතික්ෂේප වීමට හේතුවන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Rate this item
(1 Vote)

Related items