April 20, 2024

කැබිනට්ටුවේ මංගල රැස්වීම අද - 78ත් 26යි අදත් 26යි : නව කැබිනට්ටුව හමුවේ ඇති අභියෝගය

නව රජයේ ප්‍රථම කැබිනට් මණ්ඩලය අද (19) ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978 පෙබරවාරි 04 වන දින රටට හඳුන්වා දුන් ජේ.ආර්.ජයවර්ධන මහතා නව ව්‍යවස්ථාව හඳුන්වා දීමෙන් පසු පත් කළ කැබිනට් මණ්ඩලයේ හා ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා පත් කළ වර්තමාන කැබිනට් මණ්ඩලය අතර විශේෂ සමානකම් තිබේ. 

ඒ ජනපති අගමැති ඇතුළුව මෙම කැබිනට් මණ්ඩල දෙකම නියෝජනය කරනු ලබන්නේ එක හා සමාන සංඛ්‍යාවක් වීමය. 1978 කැබිනට් මණ්ඩලය 26කින් සමන්විත වූ අතර මෙවර කැබිනට් මණ්ඩලය ද 26කින් සමන්විත වේ. 1978 කැබිනට්ටුව තුල සිටියේ එක් කාන්තා නියෝජනයක් වන අතර ඒ විමලා කන්නන්ගර මහත්මියයි. මෙවර කැබිනට් මණ්ඩලය තුල සිටින්නේද එක් කාන්තා නියෝජනයක් වන අතර ඒ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියයි. මෙම දෙදෙනාගේම නියෝජනය සබරගමුව පළාතේ වීමද විශේෂත්වයකි.

1978 කැබිනට් මණ්ඩලයේ සිටි අය පිළිබඳව යම් යම් විවේචන තිබුණද පොදුවේ මෙරට බිහි වූ විශිෂ්ඨතම කැබිනට් මණ්ඩලය ලෙස පිළිගැනෙන අතර වර්තමාන කැබිනට් මණ්ඩලයට එම තත්වය අභිබවා යෑමට හැකිද යන්න ඉදිරි වසර 05 තුළ ජනතාව හමුවේ සනාථ කිරීමේ වගකීමද වත්මන් කැබිනට් මණ්ඩලය පැවරී තිබේ.

 (1978 කැබිනට් මණ්ඩලය)

 (2020 කැබිනට් මණ්ඩලය)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 August 2020 11:13