April 24, 2024

සාගල වැඩට බසී - රනිල් වෙනුවෙන් පොල් ගසයි Featured

එජාප පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉතාම කිට්ටු සමීපතමයෙකු වන සාගල රත්නායක හිටපු අමාත්‍යවරයා පෙරේදා (11) මෝදර කාලි මෑණියන්ගේ දේවාලයේදී පොල් ගසා තිබෙන බව වාර්තා වේ.

අමාත්‍ය ධූරයක් හෝ මන්ත්‍රී ධුරයක්වත් හොබවන්නේ නැති රත්නායක මහතා ඒ සඳහා පැමිණ තිබෙන්නේ විශාල ආරක්ෂකයින් පිරිසක් සමඟය.

රත්නායක මහතා සමඟ පැමිණි මෙම ආරක්ෂකයින් එහි සිටි බැතිමතුන් ඉවත් කර රත්නායක මහතාට පොල් ගැසීම සඳහා අවස්ථාව ලබා දී තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතාට රජයෙන් ලබා දී තිබෙන දෙසීයක් වන ආරක්ෂකයින්ගෙන් පිරිසක් රත්නායක මහතා සමඟ එසේ පැමිණි බව විශ්වාස කෙරේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 August 2020 08:00