March 29, 2024

අපේක්ෂකයින් හා ආධාරකරුවන් අතර ගැටුමක් - සුමන්දිරන්ට හොරා කියමින් හූ කියයි

යාපනය මධ්‍යමහා විද්‍යාලයේ පිහිටා තිබූ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද ගණන් කිරීමෙන් පසුව ප්‍රතිඵල ප්‍රකාශය කිරීමත් සමග දෙමළ ජාතික සන්ධානයේ අපෙක්ෂකයින් හා ආධාර කරුවන් අතර අද (07) අලුයම් කාලයේ ගැටුමක් ඇති වීමෙන් එම ස්ථානයට පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමට සිදු වූ බවට යාපනය පොලීසිය පවසයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ යාපනය දිස්ත්‍රීක්කයේ ඡ්නද ප්‍රතිඵලයන්ට අනුව දෙමළ ජාතික සන්ධානයට හිමි වූ මන්ත්‍රී ආසන 3 න් දෙවන ස්ථානය සඳහා මෙම ගැටුම ඇතිව තිබූ අතර එය එම පක්ෂයේ එම්.ඒ. සුමන්දිරන් හා ශෂිකලා රවිරාජ් මහත්මිය යන අය අතර උණුසුම් තත්වයක් ඇති විය.

එහිදී ආධාර කරුවන් පවසා සිටියේ පළමු මනාප ප්‍රතිඵලයන්ට අනුව දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයින් වූ එස්. ශ්‍රීධරන් පළමු ස්ථානයත් ශෂිකලා රවිරාජ් දෙවන ස්ථානයත් ධර්මලිංගම් සිද්ධාර්තන් තෙවන ස්ථානය හා මාවෙ සේනාධිරාජා සහ එම්.ඒ සුමන්දිරන් යන අය සිව් වන හා පස් වන ස්ථාන ලබා සිටි බවටය.

අනතුරුව දෙවන වර මනාප ගණන් කිරීමෙන් පසුව ශෂිකලා රවිරාජ් මහත්මිය පස්වන ස්ථානයත් එම්.ඒ. සුමන්දිරන් දෙවන ස්ථානයත් ලැබීම හේතුවෙන් මෙම ගැටුම ඇතිව තිබුණි.

එහිදී ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණ එම් .ඒ. සුමන්දිරන් සිටි ස්ථානයට ශෂිකලා රවිරාජ් මහත්මියගේ ආධාර කරුවන් පිරිසක් බෝතල් ප්‍රහාරයක් එල්ල කොට හොරා හොරා යයැ පවසා කෑ ගැසීම හේතුවෙන් දෙපාර්සවයේ ආධාරකරුවන් හා අපේක්ෂකයින් අතර උණුසුම්කාරී තත්වයක් හට ගෙන ඇති අතර ඇතම් ආධාරකරුවන්ට සුලු තුවාලද ලැබීය.

අදාල සිදුවීම සිදු වූ ස්ථානයට පසුව පොලීසිය හා පොලිස් විශේෂකාර්ය බලකාය කැඳවා තත්වය පාලනය කල අතර අවසාන අවසාන ප්‍රථඵලය වූවේ එස්.ශ්‍රීධරන් පළමු ස්ථානයත් , එම්.ඒ. සුමන්දිරන් දෙවනි ස්ථානයත් ධර්මලිංගම් සිද්ධාර්තන් තෙවැනි ස්ථානයත් වශයෙනි.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)