September 30, 2023

ආරිගේ පුටු හුටපටයෙන් කන්තලේ ගාලගෝට්ටියක් (VIDEO)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කන්තලේ නගරයේ දී සංවිධානය කර තිබූ ජනහමුවක උණුසුම් තත්ත්වයක් ඇති විය.

ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයට පොදුජන පෙරමුණෙන් තරග කරන ආරියවතී ගලප්පත්ති මහත්මිය ඉදිරිපිට අසුනක් ඉල්ලා සංවිධායකයින් සමග ඇති කරගත් මතගැටුමක් මීට හේතුවිය.

ඇය ප්‍රසිද්ධියේ කියා සිටියේ තමන් දිස්ත්‍රික්කයේ දිනන අයෙක් නිසා තමන් වේදිකාවේ පසු පස අසුනක අසුන් ගැන්වීම වැරදි බවයි.

එය තුට්ටු දෙකේ වැඩක් බවත් ඇය කියා සිටියාය.

වේදිකාවට ගොඩ වී ඇය ඉදිරිපෙළ අසුනක වාඩිවී ජන හමුව සංවිධානය කළ පිරිසට බැනවදින අකාරයද දක්නට ලැබිණි.

Rate this item
(0 votes)