තමා ජනාධිපතිවරයා කාලයේ හඳුනාගත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සහ චීන ජනාධිපති ශි ජින් පින් යන මහත්වරු සමඟ තවමත් තමාගේ ඉතා හොඳ මිත්‍රත්වයක් තිබෙන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.
ඒ නිසා ඕනෑම අවස්ථාවක තමන්ට එම නායකයින් ඇමතීමට හැකි බවද සිරිසේන මහතා සඳහන් කරයි.
එවැනි පුද්ගලයෙකුගේ වටිනාකම පොළොන්නරුවේ ඇතැමුන්ට අද අමතක වී ඇති බවද සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කරයි.