April 26, 2024

නව සාමාන්‍යකරණය යටතේ රට ඉදිරියට ගෙන යාම

September 15, 2021

ලංකාවේ ආර්ථිකය මෙන්ම ලෝක ආර්ථිකය ද අද පණඅදින තත්ත්වයක පවතින්නේ පවතින බව දක්නට ලැබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යේ පධාන ආර්ථික විශේෂඥයකු වූ ගීතා ගෝපිනාත් (Githa Gopinath) මහත්මිය පසුගිය දින තුන්වෙනි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා වූ අමාත්‍ය අනුවේදී ප්‍රධාන කතාව කරමින් ප්‍රකාශ කර සිටියේ මෙම සමුළුව කාලෝචිත හා වැදගත්කම යන අංශ දෙකකින් වැදගත් වන බවයි. ඒ අනුව ඇය පවසන්නේ කාලය මේ අවස්ථාව දී වැදගත් වන්නේ වසංගතය උදාවත් සමඟ පසුපසට යන ආර්ථිකයන්යන් වල  ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය කේන්ද්‍රීය රටවල් වල ආර්ථිකයන් තුළ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ බලාත්මක කළ හැකි බවයි. දෙවන කාරණය වැදගත් වන්නේ ගෝලීය ආර්ථිකයන් නැවතත් ප්‍රතිසංවිධානය වෙමින් පැවතුන ද ඉදිරි වසර කීපය තුළ දී  කොවිඩ් වසංගතය උග්‍රවීම හේතුවෙන් ලෝක ආර්ථිකය  ව්යුහාත්මක ප්‍රතිසංස්කරණ ඉතා වැදගත් වන බවයි. ඒ අනුව කරුණු හතරක් වැදගත් වන බව සඳහන් කරයි. එනම් සාමාන්‍ය ජීවන මට්ටම ඉහළ නැංවීම මන්දගාමීව ගමන් කිරීම, ඉහළ හා පහළ යන රාජ්‍ය ණ,ය ජනගහන කණ්ඩායම් අතර ඉහළ යන අසමාන  තත්ත්වයන් ප්‍රමාණවත් නොවූ ගෝලිය පොදු භාණ්ඩ යන සාධකයන් ඉතා වැදගත් වන බවයි.

ලෝක සංවිධානවල මතය

රට වල් තව තවදුරටත් සංචාරණ සීමාවන් ඇති කළ හොත් ආර්ථිකයන් කඩා වැටීම වැළැක්විය නොහැකි වන අතර එය අඩුම තරමින් 2025 වසර දක්වා ඇදී යන බව පෙනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන පරිදි 2022 දී ඇමරිකාවේ සේවා වියුක්තිය සියයට 10.4 කින් ඉහළ යන බව පෙන්වා දෙයි. එංගලන්තය,ජපානය, ඕස්ට්‍රේලියා,ව කැනඩාව, ජර්මනිය, ප්‍රංශය වැනි දියුණු යුරෝපානු කලාපයේ රටවල් සේවා වියුක්තිය ඉහළ යන බව පුරෝකථනය කර ඇත. මෙම තත්ත්වය දිළිඳු දියුණුවෙමින් පවතින රටවලට විශාල බලපෑමක් ඇති කර තිබේ. ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින බොහෝ රටවල ශ්‍රමිකයන් මේම රටවල රැකියාවල නියුක්ත වන නිසා ඔවුන්ගේ රැකියා අහිමිවීවීම ලංකාවේ විදේශ විනිමය ආදායම් කෙරෙහි ඉදිරියේදී බලපෑම් ඇති විය හැකිය. මේ වන විට මැද පෙරදිග කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් බොහොමකගේ රැකියා අහිමි වී ඇති අතර ඔවුන් බොහෝමයක් දැනටමත් ලංකාවට පැමිණ තිබේ. ඒ අනුව ලංකාව තුළ විරැකියාව ඉහළ යනු ඇත. එපමණක් ද නොව ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල වෙළඳපළ ගොඩ නැගී ඇත්තේ යුරෝපානු කලාපයේ වීම විශේෂත්වයකි. ලංකාවේ ඇඟලුම් වලින් සියය 46% ක් පමණ වෙළඳපල ගොඩනැගී ඇත්තේ ඇමරිකානු එක්සත් ජනපදය තුළ ය. එසේ ම බොහොම සුළු අපනයන බෝග මෙන්ම තේ සඳහා ද ප්‍රධාන වෙළෙඳපොළ ගොඩ ගොඩනැගී  ඇත්තේ යුරෝපානු හා මැදපෙරදිග කලාපය තුළය. මෙම වෙළඳපළවල් අක්‍රිය වීම තුළ අපගේ අපනයන යන්ට සිදුවිය හැකි බලපෑම් කෙබඳු ද යනද යන්න පිළිබඳ තවදුරටත් සමාලෝචනය කළ යුතුය.

ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ බොහොමයක් දියුණු රටවල්  තීරණය  කොට ඇත්තේ තම ආර්ථිකයන් නව සාමාන්‍යකරණය යටතේ ඉදිරියට ගෙන යාමයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස වී ඇත්තේ ඒ ඒ රටවල් නව සාමාන්‍යකරණය පිළිබඳ ක්‍රමෝපායික සැලැස්ම තම රටවලට ගැළපෙන පරිද්දෙන් සකස් කළ යුතු වන බවයි.

නව සාමාන්‍යකරණය (New Normal)

“නව සාමාන්‍ය” යන්නෙහි අර්ථය නම්, අපේ ජීවිතය, වැඩ කිරීම සහ වෙනත් පුද්ගලයින් සමඟ අන්තර් ක්‍රියා කිරීමේ නව ජීවන රටාවක් හා ගමනක් යන්නයි. අපට බොහෝ දුරට “නව සාමාන්‍ය” තුළ ජීවත් වීමට සිදු විය හැක. වෛරස් මඟින් ඇති කරන බොහෝ රෝග වලට අද දක්වා ම සෙම්ප්‍රතිශ්‍යාව පවා සුව කළ නොහැක. බොහෝ වෛරස් සඳහා එන්නත් නොමැත. නමුත් අපි ඔවුන් සමඟ ජීවත් වීමට අපේ ජීවන රටාව සකස් කර ගැනීමට ඉගෙන ගෙන ඇත්තෙමු. HIV (මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය) දෙස බලන්න. එය 1980 ගණන්වල සිට පැවතුන අතර සමහර විට ඊට පෙර පවා ව්‍යාප්තව තිබෙන්නට ඇත. ඒ සඳහා එන්නතක් අප තවමත් සොයාගෙන නැත. රෝගය පාලනය කළ හැකි නමුත් එය සුව කළ හැකි ප්‍රති- විරෝධී  ඖෂධය අප තවම සොයා ගෙන නැත. නමුත් ලෝකයේ එච්අයිවී ආසාදනයට අනුගත වීමට අපි ඉගෙන ගෙන තිබේ. එයින්  වළකාලීම සඳහා විවිධ ක්‍රම උපයෝගී කරගනු ලැබේ. නිසැකවම ඇත්තේ එක් දෙයක් පමණි. නව සාමාන්‍ය වෙනස් වෙමින් පවතින අතර එය ඉතා ඉක්මණින් වෙනස් වේ.නිතරම බාහිරින් මුහුණු ආවරණයක් පැළඳීමට සිදු විය යුතුය. සාමාන්‍ය කරණය යටතේ නිවසේ සිට වැඩ කිරීම්ට බොහෝ අය ආයතන මේ වන විට පුරුදු වී සිටි. එය තවදුරටත් වියදම් අඩු කර ගැනීමට ‍ ක්‍රමෝපායක් ද වන බව පෙනේ. පාසල් අධ්‍යාපනය online ක්‍රමයට පරිවර්තනය වෙමින් පවතී. එහි යහපත් හා අයහපත් අංශ දැක දැකගත හැකි වුවත් මෙවැනි වාතාවරණයක් තුළ කෙසේ හෝ දරුවන්ගේ අධ්‍යාපනය තවදුරටත් ක්‍රියාත්මක වීම වැදගත් වේ. නව සාමාන්‍යකරණය යටතේ බැංකු කටයුතු ඩිජිටල්කරණය වීම තුළ  තාක්ෂණය තුළින් ඵලදායිතාවය ඉහළ නංවා ගනිමින් කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමට හැකි වී තිබේ. තව දුරටත් බැංකුවල පෝලිම්  වල කාලය මිඩංගු කිරීමට අවශ්‍ය නැ.ත සියලු දේ තම ජංගම දුරකථනය මගින් කළ හැකි වීම ව ප්‍රවණතාවයකි.

නව සාමාන්‍යකරණයට යටතේ හෝටල්,කඩසාප්පු අනෙකුත් සේවා අංශ විවෘතව පැවැතියත් මෙහි විශේෂත්වය වන්නේ මේවා භාවිතා කිරීමේදී සියලු සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම ක්‍රමවේදයන් නිසි අයුරින් ක්‍රියාත්මක වීමයි.උදාහරණයක් උෂ්ණත්වය මැනීම, අත් සේදීම, මුඛ ආවරණ පැලදීම හා පරිශ්‍රයට ඇතුළු වීමේ දී නිසි ‍ක්‍රමවේදයන් අනුගමනය කරමින් ලියාපදිංචිය( QR Scanner)  සිදුකර තමා ගේ පැමිණීම තහවුරු කිරීම් වැනි කට කටයුතු සිදු කිරීම ඉතා වැදගත් වේ. ඒ අනුව පුද්ගලයන් ස්ථානගත වීම තහවුරු කරගත් හැකි වන අතර කිසියම් පුද්ගලයෙකු Covid වැළඳී ඇත්නම් ඔහු සැරිසැරූ ස්ථාන හඳුනාගත හැකිය.

සම්මත ක්‍රියාපටිපාටියක් Standard of Procedure( SPO) සැකසීම

සෑම ආයතනයක්ම සාමාන්‍යකරණය යටතේ කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඒ ආයතනයට ගැල ගැලපෙන පරිදි Standard of Procedure( SPO) සම්මත ක්‍රියාපටිපාටියක්. ඒ ආයතනයේ ක්‍රියාකාරීත්වය අනුව සකස් කර ගැනීම සිදුකළ යුතුය. මෙම ආයතනයෙන් ආයතනයටයට වෙනස් විය හැකිය. COVID-19 සම්ප්‍රේෂණය පාලනය කිරීම සහ ආර්ථික හා සමාජ ක්‍රියාකාරකම් අඛණ්ඩව කරගෙන යාම සඳහා සියලුම ශ්‍රී ලාංකිකයින් ඩ්‍රීම් DReAM පුහුණු විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය ප්‍රවර්ධන සන්නිවේදන ප්‍රධානියකු වන  ශානි චන්ද්‍රරත්න මහත්මිය පෙන්වා දෙයි. ඒ අනුව දුරස් වීම - සෙසු අයගෙන් අවම වශයෙන් මීටර 1 ක් වත් භෞතික දුරක් පවත්වා ගැනීම; පොදු රැස්වීම්, ජනාකීර්ණ ස්ථාන, සමීප සම්බන්ධතා සැකසීම් සහ සීමිත හා සංවෘත අවකාශයන්ගෙන් වළකිම, ශ්වසන ආචාර විධි අනුගමනය - ඔබේ වැලමිටට කැස්ස/කිවිසුම් යාම; ඔබට උණ, කැස්ස සහ/හෝ උගුරේ අමාරුවක් ඇත්නම් නිවසේ රැඳී සිට වෛද්‍යවරයෙකු හා සම්බන්ධ වීම, අසප්ටික් තාක්‍ෂණයන් අනුගමනය - අවම වශයෙන් තත්පර 20 ක් වත් සබන් හා වතුරෙන් නිතර අත් සේදීම  හෝ අවම වශයෙන් 70% ඇල්කොහොල් සහිත අත් සනීපාරක්‍ෂකයක් භාවිතා කරන්න; ඔබේ ඇස්, නාසය සහ මුඛය ස්පර්ශ කිරීමෙන් වලකින්න; නිතර ස්පර්ශ වන මතුපිට නිති පතා විෂබීජහරණය කිරීම. මුහුණු ආවරණ- මුහුණු ආවරණයක් පළඳින්න, ඔබ පැළඳීම, ගැලවීම සහ ඔබේ මුහුණු ආවරණ නිසි පරිදි ගබඩා කිරීම සහතික කිරීම; ඔබේ මුහුණු ආවරණ නිතිපතා පිරිසිදු කර එය සෑම විටම ඔබේ නාසය සහ මුඛය ආවරණය කරන බවට වග බලා ගැනීම වැනි ප්‍රධාන කාරණා ඉස්මතු කර ඇත. මෙහිදී ඇය තවදුරටත් පෙන්වා දෙන්නේ (3 C’s – Crowded places, Close-contact settings, and Confined and enclosed spaces) සෑම කෙනෙකුම සී 3-ජනාකීර්ණ ස්ථාන, සමීප සම්බන්ධතා සැකසීම් සහ සීමා සහිත හා සංවෘත අවකාශයන් වළක්වා ගත යුතු බවයි. මෙහිදී නව ජීවන රටාවක් සඳහා ජනතාව වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව සඳහන් වේ. රජයකට හෝ ආයතනයකට නීති රීති හෝ චක්‍රලේඛන නිකුත් කිරීම තුළින් මේ පාලනය කළ නොහැකි අතර එහි වගකීම් ඇත්තේ සේවකයන්ට හා ජනතාවට බව වටහා ගත යුතුය.

ලංකාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය

කෙසේ වෙතත් ලංකාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය මන්දගාමී ව ක්‍රියාත්මක වුවත් පසුගිය ජූනි ජූලි මාස වල අපනයන ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 1 ඉක්මවා යාමට හැකි වීම යහපත් ලක්ෂණයකි. 2021 වර්ෂයේ මුල් මාස 7 තුළ දිය අපනයන ඉපයීම ඇමරිකන් ඩොලර් බිලියන 6.6 කින් එනම් සියයට විසින් 22.7 කින් වර්ධනය වී තිබේ. මුලින් සඳහන් කළ පරිදි අප මේ වන විට ආරක්ෂා කරගත යුතු ප්‍රධාන අංශයක් වශයෙන් ඇඟලුම් අපනයන අංශය පෙන්වාදිය හැකි අතර ජූලි මාසයේ ඇඟලුම් අපනයන ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 452.55 ඉක්මවා ආදායම් ලැබීම් යහපහපත් ප්‍රවණතාවකි.තවදුරටත් එන්නත්කරනය හා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඇඟලුම් කර්මාන්ත ශාලාලව සේවක සේවිකාවන් ආරක්ෂා කරගත යුතුය. පසුගිය ජූල මාසයේ අපනයන ආදායම් වලින් තේ අපනයන වලින් ඇමරිකන් ඩොලර් මිලියන 115.7 ක් ද  රබර් ආශිත නිෂ්පාදන වලින් ඇමරිකන් ඩොලර් මිලියන 96.5 ක් ද උපයාගෙන ගෙන තිබේ. පොල් ආශ්‍රිත නිෂ්පාදන වලින් ඇමෙරිකන් ඩොලර් මිලියන 76.7 ක් ද වශයෙන් ආදායම් ලබාගෙන ඇති අංශයක් වශයෙන් පෙන්වාදිය හැකිය.

අද වනවිට ලෝකයේ බොහෝ රටවල් වසංගතය සම්පූර්ණයෙන් පාලනය නොකළ තත්ත්වයක් යටතේ වුවද රට විවෘත කර ඇති අතර ජනතාව එදිනෙදා කටයුතුවල නිරත වෙමින් පවතී. පසුගිය දිනක ඕස්ඔස්ට්‍රේලියාව තුල විශාල උද්ඝෝෂණ රැල්ලක් මතු වූයේ රට විවෘත කරන ලෙස බලපෑම් කරමිනි. ජනතාව තවදුරටත් පීඩනයට ගොදුරු වීමට නොහැකි බව කියා පාමිනි. අනෙක් අතට රට වැසිම සිදුවුන ආර්ථික විනාශය ඔවුන්ට අවබෝධ වී ඇති බැව් පෙනේ. මෙවැනි විරෝධතා ඇමරිකාව හා ජර්මනිය වැනි රටවල ද ඇතිවී තිබිණි. ඉතාලිතාලිය හා එංගලන්තය වසංගතය පහව ගිය පසු රට මුළුමනින්ම නව සාමාන්‍යකරණය යටතේ දැඩි නීතිරීති පැනවීම මගින්  විවෘත කර තිබේ.ලංකාව තුලද මේ සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙන අතර ජනතාවගේ වගකීම්  රහිත හැසිරීම තවදුරටත් ඉදිරියට යාම රටට අහිතකර ලෙස බලපා ඇත. ජනතාව මෙම වෛරස්යට ගොදුරු වන ප්‍රමාණය හා මිය යන ප්‍රමාණය කොතෙකුත් ජනමාධ්‍ය මඟින් පෙන්වා දුන්නද ඒ පිළිබඳ තුට්ටුවකටවත් ගණන් නොගෙන වගකීම් රහිතව ක්‍රියා කරන ආකාරය දක්නට ලැබේ. පොලීසිිසිය හා ආරක්ෂක අංශ මෙම තත්ත්වයන් පාලනය කර ගැනීමට කටයුතු කරන ආකාරයක් දක්නට නොලැබේ. මේය ඛේදජනක තත්ත්වයකි. අපි අපගේම අවසානය ළඟාකර ගන්නේ ඇයිද යන්න පිළිබඳව සිතා බැලිය යුතුය.

චිත්‍රාල් ජයවර්ණ

ආර්ථික විශ්ලේෂක/ ශ්‍රී ලංකා කෘෂිකාර්මික ප්‍රතිපත්ති සභාවේ සාමාජික

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 September 2021 15:46