April 24, 2024

ලංවෙන්නත් බය හිතෙන සිංහයින්ට PCR කරන හැටි

දෙහිවල පිහිටි ජාතික සත්වෝද්‍යානයේ සිටින සිංහයෙකු හට කොරෝනා ආසාදනය වී ඇති පුවතක් අද (18) දිනයේ දී වාර්තා වුණා. 

මෙලෙස කොරෝනා වැළැඳී තිබුණේ ජාතික සත්වෝද්‍යානයේ සිංහ දූපතේ සිටින දකුණු කොරියාවේ සිට ගෙන ආපු තෝර් නම් සිංහයා හටයි.ො

මිනිසෙකු හට කොරෝනා ආසාදනය වූ පසුව PCR (පි.සී.ආර්) හෝ Antigen (ඇන්ටි ජෙන්) පරික්ෂාව පහසුවෙන් සිදු කළ හැකි වුණත් ආහාර දාමය තුළ ඉහළින්ම සිටින මාංශ භක්ෂක සත්ත්වයෙකු වන සිංහයෙකු හට මෙම පරික්ෂණයන් සිදුකරන්නේ කොහොමද කියන එක පිළිබඳව බොහෝ දෙනා තුළ පවතින්නේ කුතුහලයක්.ෙ

මිනිසාගේ නාසයට සහ උගුරුට PCR සාම්පල් ලබා ගැනීම සඳහා කූරක් දැම්මත් සිංහයන් හෝ ව්‍යාඝ්‍රයන්ගේ පරික්ෂාවකදී එය එසේ කරන්නට බැහැ. එයට විශේෂ ක්‍රියාවලියක් තිබෙනවා‍ෙ

ඒෂියන් මිරර් මේ පිළිබඳව කළ සොයා බැලීමකදී ලංවෙන්නත් බය හිතෙන මෙම මාංශ භක්ෂක සතුන්ට පි.සී.ආර් පරික්ෂණ කරන ආකාරය පිළිබඳව කෙටි විස්තරයක් සොයා ගැනීමට හැකි වුණා

සත්වෝද්‍යානවල සිටින සිංහයන්ට කොරෝනා ආසාදනය වීම් වාර්තා වීම පටන් ගන්නේ පසුගිය වසරේ ලෝකය පුරා කොරෝනා වසංගතය ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමඟයි. ඇමෙරිකාව, ස්පාඤ්ඤය, ඉන්දියාව වැනි රටවල සිංහයන්, ව්‍යාඝ්‍රයන් වැනි සතුන් මෙම වෛරසයට ගොදුරු වුණු ආකාරය දැක්වෙන පුවත් පසුගිය කාලය තුළ වාර්තා වුනා.

මේ අතර ඇමෙරිකාවේ බ්‍රොන්ක්ස් සත්ව උද්‍යානයේ සිටි ව්‍යාඝ්‍රයන් තිදෙනෙකු සහ  සිංහයන් තිදෙනෙකු හට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වුණා.

මෙම ආසාදනය වූ ආකාරයන් පිළිබඳව කරන ලද සොයා බැලීමේදී සිංහයන්ව බලාගන්න රැකවල් නිලධාරීන් හට කොරෝනා ආසාදනය වී තිබුණු බවට සොයා ගෙන තියෙනවා. එමඟින් සිංහයන්ට සහ ව්‍යාඝ්‍රයන්ට කොරෝනා ආසාදනය වන්නට ඇති බව සඳහන්.

මෙහිදී සිංහයන්ව PCR පරික්ෂණය සඳහා ලක් කර තිබුණේ ප්‍රධාන වශයෙන් නිර්වින්දනය කිරීම මඟිනි. මෙහිදී සිංහයන්ට නිර්වින්ද ඖෂධ ලබාදීමෙන් පසුව PCR කිරීම සඳහා යොදාගන්නා කූරක් යොදාගෙන නාසය, උගුර සහ ශ්වසන මාර්ගයෙන් සාම්පල් ලබාගනු ලබනවා.

එමෙන්ම ඇමෙරිකාව විසින් මෙම සිංහයන් සහ ව්‍යාඝ්‍රයන් නිර්වින්දනය කිරීමෙන් තොරව පරික්ෂාවකට ලක් කිරීමට සමත් වෙලා තියෙනවා. ඒ සිංහයන්ගේ මළ සහ මුත්‍රා සාම්පල් විද්‍යාගාර පරික්ෂාවන්ට ලක් කිරීමෙන්. එහිදී කිසිදු ආකාරය කොරෝනා රෝග ලක්ෂණයක් නොපෙන්වන ව්‍යාඝ්‍රයෙකු හටත් කොරෝනා ආසාදනය වී ඇති බවට සොයාගෙන තිබුණා.

එමෙන්ම මිනිසුන් සඳහා PCR පරික්ෂාවට ලක් නොකරන විද්‍යාගාර තුළදී මෙම පරික්ෂණ සාම්පල් පිළිබඳව පරික්ෂා කර බලා තිබෙන බවත් සඳහන්.

Rate this item
(2 votes)
Last modified on Friday, 18 June 2021 20:59