April 23, 2024

අන්තර්ජාල අධ්‍යාපනයෙන් පිඩාවට පත් අපේම දරුවෝ

කොළඹ නගරයේ ළමුන්ට සූම් ඔන්ලයින් ඉගෙන ගන්න එක නුහුරු නුපුරුදු නොවුණට අහිංසක ළමයින්ට නම් ඒක නුහුරුයි, නුපුරුදුයි. 

ඒ නිසා තමයි වට්ස්අප්, සුම් වලින් ඉගෙන ගන්න ගම්වල හුදකලා වෙච්ච දරුවෝ ගස් උඩ නගිනවා.

ඒ  දුෂ්කර පළාත් වලට අමතරව කොළඹට ආසන්න ප්‍රදේශවල දරුවන්ට පවා මේ ගැටලුව ඇති බව අප වාර්තාකරුවන් පවසනවා.

ඒෂියන් මිරර් අප කළ සොයා බැලීමකදී අපිට මේ තොරතුරු වාර්තා වුණා.

සිය  අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය හරහා මේ දිනවල සිදු කෙරෙන නිසා කලා වැව දියවර ගම්මානයේ බොහෝ දරුවන්ට අන්තර්ජාල සංඥා පහසුකම් නිසි ලෙස නොලැබීම නිසා අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට කලාවැව ඉස්මත්තේ ඇති වන අලි ගැවසෙන වන ලැහැබකට ගමන් කිරීමට සිදු වී ඇති බව දෙමාපියෝ පවසනවා.

නිවෙස් වල සිට විශාල දුර ප්‍රමාණයක් ගෙවා මෙම දුවා දරුවෝ මෙන්ම එම ප්‍රදේශයේ සිට පාසල් දරුවන්ට අන්තර්ජාල හරහා ඉගැන්වීම් කරවන ගුරුවරුන්ට ද මෙම වන ලැහැබට පැමිණ ඉගැන්වීම් කටයුතු මෙන්ම ඉගෙන ගැනීමට සිදුව වීම නිසා බරපතළල හානි රැසකට මුහුණ පා ඇතැයි ඔවුහු පවසනවා.

එමෙන්ම දැඩි ආර්ථික දුෂ්කරතාවයන් වල හෙබි පවුල්වල දරුවන්ට අන්තර්ජාල පහසුකම් ලබා ගත හැකි දුරකථන නොමැති නිසා අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වූ පිරිස් ද මෙහි සිටින බව ජනතාව පවසති.

මෙම ස්ථානයට පැමිණෙන කුඩා දුවා දරුවන් එක දුරකථනයකින් තුන් හතර දෙනා ඒකරාශී වී සිය අධ්‍යාපන කටයුතු සිදු කරන ආකාරයද දැක ගැනීමට හැකි වුනා.

කලාවැව ඉස්මත්තේ ඇති මෙම වන ලැහැබ තුළ පස්වරුව වන විට අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට නොහැකි වී  ඇත්තේ නිරන්තරයෙන් වන අලින් මෙම ප්‍රදේශයේ ගැවසෙන නිසා බව එම දරුවෝ අප සමග පැවසුවා. ඇතැම් උසස් අධ්‍යාපනය කරන දුවා දරුවන් රාත්‍රී කාලයේ මෙම වන ලැහැබට දෙමාපියන් සමග පැමිණ මදුරු දැල් ගස් වල එල්ලාගෙන විදුලි පන්දම් එළියෙන් සිය අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබන්නේ ජිවිත අවධානමක්ද ලබා ගෙන බවද එම සිසු සිසුවියෝ පවසනවා.

තම ගම්මාන සඳහා දුරකථන සංඥා කුළුණක් ලබා දෙන දෙන ලෙස ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය වෙත ලිඛිතව දැනුම් දුන්නද මෙතෙක් ඒ පිළිබඳව කිසිඳු අවධානයක් යොමු වී නැතැයි එම පාසල් දුවා දරුවෝ ලිපි පෙන්වමින් පැවසුවා.

ඇතැම් කුඩා දරුවන් මේ වන තුරුත් කිසිදු අධ්‍යාපනයක් නොලබා සෙසු මිතුරු මිතුරියන්ගේ ජංගම දුරකථන හරහා අධ්‍යාපනය ලබන දෙස බලා දැඩි දුක් මුසු ව සිටින සංවේදී දසුන් රැසක්ද ද කලා වැව වැව් ඉස්මත්තේ අපට දැක ගැනීමට හැකි වුණා.

මෙම දුවා දරුවන්ගේ දෙමාපියන් කියා සිටියේ කලා වැව ඉස්මත්තට පැමිණීමේදී පිටස්තරයකු පුද්ගලයන් පැමිණෙන විවිධ දුරාචාර වැඩවල නිරතවන බවයි. එම නිසා තම දුවා දරුවන් තනි පන්දලමේ මෙම වන මැදට කලා වැව ඉස්මත්තට එවීමට නොහැකි බවද ඔවුහු පවසනවා. එමෙන්ම වන අලි නිසා දෙමාපියන් වනය වටේ රැකවල් යොදාගෙන සිටිය යුතු බව කියනවා.

මේ ස්ථානයේ විශාල දරුවන් පිරිසක් ගැවසීම නිසා පවතින කොවිඩ් අවධානමක්ද ඇති බව පෙන්වා දෙනවා.

එම ප්‍රදේශයේ සිටින පාසල් ගුරුභවතුන් ද තම දුර බැහැර සිටින දරුවන්ට අන්තර්ජාල හරහා ඉගැන්වීම් කටයුතු සිදු කරන ආකාරය ද අපට දැක ගැනීමට හැකි වුණා.

ගුරුවරියක තම ජංගම දුරකථනය කම්බියකින් ගසක එල්ලා ඇය එම ස්ථානයේ පැය ගණනාවක් සිට ගෙන දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන අයුරු ද දැක ගැනීමට හැකි වුණා.

එම ගුරු මාතාව සිදු කරන කැපකිරීම ද අතිශය ශෝකජනකය. මන්ද පැය ගණනාවක් එකම ඉරියව්වෙන් හිටගෙන අධික සුළං දාර මත දරුවන්ට පාඩම් කියා දීම දරුවන්ට ශ්‍රවණය බාධා එල්ල වන බවත් එහි ගිය අපට දැක ගැනීමට හැකි වුණා. කලාවැව හරහා හමා යන අධික සුළං ධාරා නිසා නිසි ලෙස එම පාඩම් ශ්‍රවණය නොවීමද බරපතල ප්‍රශ්නයක් බව පවසමින් ගුරුවරිය දරුවන් ශක්තිමත් කරන්නීය.

කලා වැව ධාතුසේන පුර දියවර ගම්මාන ජනතාව සිසු සිසුවියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් අධ්‍යාපනය ලැබීම සඳහා දුරකථන සංඥා ලබා ගැනීමට පහසුකම් ලබා දෙන ලෙසයි. 

අධ්‍යාපනය නොලබන දුවා දරුවන් සඳහා ජංගම දුරකථන හෝ තාක්ෂණ ක්‍රමවේදයක් සකසා දෙන ලෙසය. අසරණ දුවා දරුවන් මෙම ස්ථානයේ අනෙක් දරුවන් අධ්‍යාපනය ලබන දෙස බලා සුසුම් හෙලන දසුන් එහෙම ස්ථානයට ගිය අපට ද දැඩි කම්පනයට පත් වුණා.

මෙම ගම්මානයේ දමිළ මුස්ලිම් සිංහල යන ජනවර්ග තුනම එකට වාසය කිරීම එකට අධ්‍යාපනය ලබාගැනීම ද විශේෂත්වයක්. මේ ස්ථානයේ සිංහල දරුවන් සමග ඉගෙනුම ලබන මුස්ලිම් දැරියකගේ මවක්  කියා සිටියේ සිංහල දරුවන්ගේ ජංගම දුරකථනයේ ආධාරයෙන් තම දියණිය අධ්‍යාපනය ලබන බවයි. පවතින ආර්ථික දුෂ්කරතාවය නිසා දුරකථනයක් මිලදී ගැනීම්ට හෝ වත්කමක් නැති බවත් එම මව කිව්වා. 

හැටන් නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයේ සිංහල සහ දමිල පාසල් වල සිසු සිසුවියන් පිරිසක් නෝටන්බ්‍රිජ් සප්ත කන්‍යා පාමුල පිහිටි බස් නැවතුම්පොලක පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ වුවද ඔන්ලයින් පන්ති සදහා සහභාගි වි සිටින අයුරු අප කැමරාවේ සටහන් වුණා.

නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයට අන්තර්ජාල දුරකථන සංඥා නොමැති නිසා නෝටන්බ්‍රිජ් සහ මස්කෙලිය හපුගස්තලාව ප්‍රදේශයේ පාසල් සිසුන් පදිංචි නිවාස වල සිට විශාල දුරකින් පිහිටි සප්ත කන්‍යා කන්ද පාමුල පිහිටි බස් නැවතුම්පොලට පැමිණිමට සිදු වි ඇත.

සප්ත කන්‍යා පාමුල පිහිට හතරේ කණුව ප්‍රදේශයේ නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගය මයිම පිහිටි බස් නැවතුම්පොලට මස්කෙලිය හපුගස්තලාව, නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයේ සිංහල සහ දමිල පාසල් වල සිසු සිසුවියන් දිනපතා ඔන්ලයින් පන්ති පැවැත්වෙන වේලාවන් වලට තම දෙමව්පියන් සමග බස් නැවතුම්පොල වෙත පැමිණෙමින් සිටියි.

නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයටම අන්තර්ජාල දුරකථන සංඥා ඉතා අඩුවෙන් වුවද පවතින්නේ සප්ත කන්‍යා කන්ද පාමුල පිහිටි බස් නැවතුම්පොල පිහිටි ස්ථානයේ  පමණක් බවත්,පවත්නා තත්ත්වය මත තම දරුවන් ඔන්ලයින් පන්ති සදහා දැඩි දුෂ්කරතා මැද්දේ සහභාගි වන බවයි එම සිසු සිසුවියන්ගේ දෙමව්පියන් කියා සිටින්නේ.

නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයට කිසිදු දුරකථන ජාලාවල අන්තර්ජාල සංඥා සම්බන්ධතා නොමැති බවත්, නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයට අන්තර්ජාල සංඥා සහිත කුළුණක් සවි කරදෙන මෙන් ඔන්ලයින් පන්ති වලට සහභාගි වන සිසු සිසුවියන් සහ දෙමව්පියන් අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

Rate this item
(0 votes)