April 20, 2024

වංචාවෙන් තොර රාජ්‍ය නිලධාරීන් හදන්න චීනය නොමිලේ දුන් බන්ධනාගාර සංචාරය

2015 වසරේ මැයි මාසයේ 15 වැනිදා චීනයේ හුබෙයි ප්‍රාන්තයේ ෂියාන් ප්‍රාන්තයේ විනය පරීක්ෂා කිරීමේ මධ්‍යම කොමිසම (CPC) විසින් අපුරු චාරිකාවක් සුදානම් කර තිබුණා. 

එම චාරිකාව සඳහා සහභාගී කරවාගෙන තිබුණේ ප්‍රාන්තයේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු ඔවුන්ගේ බිරිඳෑවරුන්ට සහ ස්වාමි පුරුෂයන් හටයි.

ඒ අනුව නිලධාරීන් 70 දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ අය සහභාගී කරවාගෙන තිබුණු අතර මෙය අධ්‍යාපනික මෙන්ම අවවාදාත්මක සංචාරයක් ලෙසද විනය පරීක්ෂා කිරීමේ මධ්‍යම කොමිසම (CPC) විසින් නම් කර තිබුණා.

මෙම සංචාරය දී හුබෙයි ප්‍රාන්තයේ බන්ධනාගාරය වෙත මෙම රාජ්‍ය නිලධාරීන් පිරිස එක් කරගෙන ගොස් තිබූ අතර එහිදී සිරගතව සිටි ඉහළේ පෙළේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද මෙම පිරිසට මුණ ගස්වා තිබුණි. 

මෙලෙස බන්ධනාගාර ගතව සිටින රාජ්‍ය නිලධාරීන් බොහෝ දෙනා මූල්‍ය වංචා සිදු කිරීම්, බලය අයුතු ලෙස භාවිත කිරීම, අල්ලස් ගැනීම් වැනි වරදට හසුව සිරගත වූවෝ වෙති.

මෙම සංචාරයට සහභාගී වූ රාජ්‍ය නිලධාරීන් අමතමින් විනය පරීක්ෂා කිරීමේ මධ්‍යම කොමිසම (CPC) පවසා සිටියේ  “දූෂණ නඩු වලින් පාඩම් උකහා ගත යුතු අතර අපගේ යුතුකම් ඉටු කිරීම සහ මහජනතාවට වඩා හොඳ සේවයක් කිරීම සඳහා නීතිරීති දැඩි ලෙස පිළිපැදිය යුතුය.” යන්නයි.

චීනයේ නව ජනාධිපතිවරයා ලෙස 2012 තේරී පත්වූ ෂී ජින් පිං තමන්ගේ පළමු වැඩ කටයුත්ත ලෙස වංචා දූෂණයට එරෙහි සටන් චීනය පුරා ගෙන ගියේය. එහි ප්‍රතිඵලයන් ලෙස වංචා දූෂණවලට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් 100කට අධික ප්‍රමාණයක් හසුකර ගන්නත් ඔවුන් සම්බන්ධව පැමිණිල විභාග කිරීමටත් කටයුතු කර තිබුණි.

Rate this item
(0 votes)

Related items