March 29, 2024

අද ඉඳන් වට්ස්ඇප්වල නවතම අප්ඩේට් කිරීම කළේ නැත්නම් වෙන දේ මෙන්න

මෙම වසරේ මුලදී වට්ස්ඇප් සමාගම විසින් ගෙන ඒමට තිබූ රහස්‍යතා ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීම් බොහෝ පිරිසකගෙන් එල්ල වූ චෝදනා හමුවේ ආපස්සට දමා තිබුණත් දැන් එය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ.

ඒ අනුව අද (15) වැනිදා සිට මෙම නව යාවත්කාලීන කිරීම් ලබා නොදෙන අය සහ එම රහස්‍යතා ප්‍රතිපත්තිවලට අනුගත නොවෙන අයට වට්ස්ඇප් සේවා තවදුරටත් ලබා නොදීමටත් ඔවුන්ගෙන් එම සේවාව ඉවත් කිරීමටත් වට්ස්ඇප් අයත් ෆේස්බුක් සමාගම තීරණය කර තිබේ.

මෙම රහස්‍යතා ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීම් පිළිනොගැන සිටීමට ඕනෑම වට්ස්ඇප් පරිශිලකයෙකුට අවස්ථාව තිබේ. නමුත් වට්ස්ඇප්  විසින් පරිශිලකයා එම යෙදුම භාවිත කරන සෑම අවස්ථාවකම නවතම යාවත්කාලීන කිරීම් ලබාගන්නා ලෙස දැන්වීමක් ඉදිරිපත් කරනු ඇත.

මුල් අවස්ථාවේ ඔබට සාමාන්‍ය පරිදි වට්ස්ඇප් ඇමතුම් සහ කෙටි පණිවිඩ ලැබෙන අතර ඔබට ඒවා කියවීමට සහ බැලීමට මෙන්ම ඇමතුම් ගැනීමටත් හැකියාව පවතී. නමුත් සති කිහිපයක් තුළ මෙම වට්ස්ඇප් හරහා ඔබට පැමිණෙන සියලු කෙටි පණිවිඩ, ඇමතුම් සහ අනිකුත් සේවා සියල්ලම නැවතී යනු ඇති බවත් සඳහන්.

මෙම රහස්‍යතා ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීම් පිළිගන්නා අයට කිසිදු බාධාවකින් තොරව වට්ස්ඇප් යෙදුම භාවිතා කිරීමට හැකියාව ඇත. කෙසේ වෙතත් පිළිනොගන්නන් හට දින 120ක පමණ කාලයක් තුළදී සේවාව සම්පුර්ණයෙන්ම ඉවත් කර දමන බවටද වට්ස්ඇප් තාක්ෂණික ශිල්පීන් කියා තිබේ.

වට්ස්ඇප් යෙදුම ෆේස්බුක් ආයතනය මඟින් මිලදී ගැනීමෙන් පසුව අවස්ථා කිහිපයක මෙම යාවත්කාලීන කිරීම් සිදුකර ඇති අතර මේ වන විට එම සේවාව ෆේස්බුක් සමඟ සම්බන්ධ කිරීම් කර ඇති අතර එමඟින් වට්ස්ඇප් සහ ෆේස්බුක් අතර දත්ත හුවමාරු වීමක් සිදුවන බව වාර්තා වෙයි. මෙම සේවය වැඩි දියුණු කිරීමක් මෙම නව රහස්‍යතා ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීම මඟින් සිදු කිරීමට ෆේස්බුක් ආයතනය තීරණය කර තිබේ. 

පරිශීලකයින් කතා කරන සියලු දේ ආරක්ෂිත බවත්, ඔවුන්ගේ ඇමතුම් අන්තයේ සිට ගුප්තකේතනය කර ඇති බවත් ෆේස්බුක් ආයතනය විසින් සඳහන් කර තිබේ. 

Rate this item
(2 votes)