March 29, 2024

එකම වගේ නම තියෙන අය එකට ගැටුණු මහා සංග්‍රාමය "ජෝශුවා සටන"

පසුගිය 2020 වසර ලෝකයේ සියලුම දෙනාට ඉතාමත් අමාරුවෙන් කාලය ගෙවා දැමූ වසරක් වුණා. 

එයට හේතුව වුණේ කොරෝනා වෛරසය ලෝකය පුරාවට කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් නිසා සියලු දෙනාටම නිවෙස් තුළට සිරවී සිටීමට සිදුවීමයි.

මෙම නිවසට වී කාලය ගෙවා දමන අතරේ ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ටක්සන් හී පදිංචි 22 හැවිරිදි විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු වූ ජෝශ් ස්වේන් හට අපුරු අදහසක් ඇතිව තිබූණා.

ඒ අනුව ඔහු විසින් “ජෝශ්” යන නම ඇති සියලු දෙනා හට අපුරු සටනක් සඳහා ආරාධනා කර තිබුණා.

ජෝශ් නම ඇති අයගේ ෆේස්බුක් එකතුව

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ඇති වුණු සම්බන්ධතාවයක් හරහා ජෝශ් නම ඇති විශාල පිරිසක් විසින් මෙම සටන ක්‍රියාත්මක කිරීම සඳහා තැනැක් සහ වේලාවක් කතාබහ කරගෙන තිබුණා.

ඒ අනුව මහා ජෝශ්වරුන්ගේ සංග්‍රාමය හෙවත් ජෝශුවා සටන ඊයේ (25) දිනයේ දී පැවැත් වුණා.

මෙම සටන පැවැත් වුණේ ඇමෙරිකාවේ නෙබරෙස්කා හීදි. මෙම සටනට ජෝශ් නැතිනම් ජෝශුවා යන නම තියෙන අති විශාල පිරිසක් පැමිණ සිටි අතර ඔවුන්ගේ මුල් සටන පැවැත් වුණේ පූල් - නූඩ්ල් (pool-noodle) පොරයකින් අනතුරුවයි.

ජෝශ් සටනේ ප්‍රථම ජෝශ් වූ ජෝශ් ස්වේන්

මෙහිදී සටන පැවැත් වුණේ ලෝකයේ ඉමහත් ප්‍රසිද්ධියට පත් රොක් - පේපර් - සීසර් (Rock, Paper, Scissors) නම් තරඟයෙනි.

පැමිණ සිටි සියලු දෙනාම මෙම සටන සඳහා සහභාගී වූ අතර අවසාන ජයග්‍රහකයා ලෙස වයස අවුරුදු 4ක් වූ ජෝශ් වින්සන් නම් දරුවෙකු තේරී පත් වුණා. සියලු දෙනාම එක්ම පූංචි ජෝශ් වෙනුවෙන් සිය උත්තමාචාරය පුද කළ අතර ඔහුව බොහෝ දෙනා ශ්‍රේෂ්ඨ ජෝශ්, නැතිනම් ජෝශූවා රජූ ලෙසද හැඳින්වූවා.

මහා ජෝශූවා සංග්‍රාමයෙන් ජයග්‍රහණය කළ පුංචි ජෝශ්

මෙම තරඟය සංවිධානය කළ ප්‍රථම ජෝශ් වන ජෝශ් ස්වේන් පවසා සිටියේ තමන් මෙවැනි දෙයක් සැලැසුම් කළත් එය මිනිස්සු අතර මෙතරම් ප්‍රසිද්ධ වේවි යැයි නොසිතු බවයි. සංවිධායකවරුන් මුලදී 30 දෙනෙකු පමණ පිරිසක් අපේක්ෂා කළත් අති විශාල ප්‍රමාණයක් එම ස්ථානයට පැමිණ තිබුණේ ඇමෙරිකාවේ නන්දෙසිනි.

මොවුන්ගේ මෙම අපුරු හමුව විනෝදයට පමණක් සීමා නොවි තිබුණු අතර ඔවුන් සමාජ සේවය වෙනුවෙන් ලින්කන් ආහාර බැංකුව වෙත ආහාර පවුම් 300ක ප්‍රමාණයක්ද, ඇමෙරිකාවේ ඔහොමාවල පිහිටි ළමා රෝහලක් වෙත ඇමෙරිකානු ඩොලර් 8000ක මුදල් පරිත්‍යාගයක් ද සිදුකර තිබුණා.

එම සටනේ වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)