March 29, 2024

තප්පර 05කට ලෝකයේ ඔක්සිජන් නැති වුණොත්? වෙන දේ මෙන්න

තප්පර 05ක් හුස්ම අල්ලාගෙන සිටින්න ඔබට පුළුවන් හැකියාවක් ඇත. නමුත් ඇත්තටම තප්පර 05කට ලෝකයටම ඔක්සිජන් නැති වුණොත් මොකක් වෙයිද? මෙය කුතුහලය දනවන පැනයකි. අප ජීවත් වන ලෝකයේ වායුගෝලයේ වැඩිම ප්‍රමාණයක් ඇත්තේ නයිට්‍රජන් වායුවයි එය 78%ක ප්‍රමාණයකි. . ඉන්පසුව ඇත්තේ මෙම ලෝකයේ ජීවිය පැවැත්මට වඩාත්ම හිතකර වායුව වන ඔක්සිජන් වායුවයි. එහි ප්‍රමාණය 21%ක් පමණ වෙයි.

තප්පර 05ක කාලයක් ඕනෑම කෙනෙකුට තමන්ගේ හුස්ම අල්ලාගෙන සිටිය හැකිය. තවත් අයට ඊටත් වඩා වෙලාවක් පුළුවනි. නමුත් එය පෘථිවිය තුළ තිබෙන සෑම දෙයකට කළ නොහැකි දෙයකි. එසේ නම් තප්පර 05ක් ලෝකයේ ඔක්සිජන් නොමැති වුවහොත් සැබෑවටම කුමක් වේවිද යන්න විමසා බැලිය යුතුම දෙයකි.

තප්පර 05කට ඔක්සිජන් නොමැති වුණොත් ලෝකයේ සියලු කොන්ක්‍රීට් සහිත ඉදි කිරීම් බිඳ වැටෙයි?

කොන්ක්‍රිට්වලට අත්‍යවශ්‍ය දෙයක් බවට ඔක්සිජන් පෙන්වා දිය හැකිය. කොන්ක්‍රීට්වල විශේෂ බන්ධනකාරකයක් ලෙසද ඔක්සිජන් ක්‍රියා කරනු ලබයි. ඔක්සිජන් නොමැති වුවහොත් කොන්ක්‍රීට්වලට සවිමත් වීමේ හැකියාව නොමැතිව යයි. එය විශාල විනාශයක් වීමට හේතුවක් විය හැකියි.

තප්පර 05කට ඔක්සිජන් නොමැති වුණොත් පෘථිවිය උඳුනක් මෙන් රත්වෙයි?

සූර්යාගේ ප්‍රබල හිරු කිරණවලින් පෘථිවිය ආරක්ෂා කරනු ලබන ඕසොන් ස්ථරය විනාශ වී යනු ඇත. ඕසොන් ස්ථරයේ පැවැත්ම සඳහා ඔක්සිජන් ප්‍රධාන කාර්යක් ඉටු කරනු ලබයි. ඔක්සිජන් නොමැති වුවහොත් මෙම ඕසොන් ස්ථරය විනාශ වූ සූර්යාගේ අහිතකර පාරජම්බුල කිරණ පෘථිවියේ සිටින සියලු ජීවන් දවාලන්නට සමත්වනු ඇත.

 තප්පර 05කට ඔක්සිජන් නොමැති වුණොත් අපගේ කණ් පුපුරා යයි?

දැනට පෘථීවියේ ඇති වායු සංයුතිය වෙනස් වීම නිසා වායු පීඩනයන් 21%කින් පහතට වැටෙනු ඇත. එය අපගේ ශ්‍රවණ පද්ධතිය දරාගත හැකි දෙයක් නොවෙයි. එමෙන්ම අධික අව් රශ්මිය හේතුවෙන් අපගේ ශ්‍රවන පද්ධතිය අභ්‍යන්තර කොටස් හානියට පත් වීමට හැකිය. 

තප්පර 05කට ඔක්සිජන් නොමැති වුණොත් ලෝකයේ සියලු වාහන අක්‍රිය වී ගුවන් යානා කඩා වැටෙයි?

දහන ක්‍රියාවලිය සඳහා ඔක්සිජන් අනිවාර්ය වූ ක්‍රියාවලියකි. ඉන්ධන මඟින් ක්‍රියා කරනු ලබන සියලුම යන්ත්‍රෝපකරණ ඇතුළු සියලු වාහන, නෞකා, ගුවන් යානා අක්‍රීය වනු ඇත. කිසිදු එන්ජිමක් පණ ගැන්වීමට හැකියාවක් නොලැබෙනු ඇත.

තප්පර 05කට ඔක්සිජන් නොමැති වුණොත් පෘථිවි ස්ථරය කඩා වැටෙයි?

පෘථිවියේ පෘෂ්ඨය සෑදි ඇත්තේ 45%ක් ඔක්සිජන් ප්‍රතිශතයක් සහිතවයි. ඔක්සිජන් නොමැති වුවහොත් මෙම පෘෂ්ඨය කඩා වැටීම ආරම්භ වනු ඇති අතර තවත් මිහිතලයක් ඉතිරි නොවනු ඇත. 

තප්පර 05කට ඔක්සිජන් නොමැති වුණොත් ලෝකයේ සියලු ජලය නැතිවී යයි?

ජලයේ නිර්මාණය වීමට නම් හයිඩ්‍රන් අණු 2ක් සහ 1ක් ඔක්සිජන් අනුවක් අවශ්‍ය වේ. ඔක්සිජන් නොමැති වුවහොත් මෙම සංයුතිය බිඳ වැටී සියලුම ජල අනුවල හයිඩ්‍රජන් ඉතිරි වනු ඇත. සියලු ජලය හයිඩ්‍රජන් වායුව බවට පත්වනු ඇත. එමෙන්ම ඔක්සිජන් පෘථිවියේ ඔක්සිජන් සහිත සියලු රසායනික බන්ධනයන් විනාශ වනු ඇත. 

සැබෑවටම අප තප්පර 05ක් සඳහා හුස්ම අල්ලාගෙන සිටියත්, අපට ජීවත් වන්නට ලෝකයක් ඉතිරි නොවනු ඇති බව දැන් ඔබට වැටෙහනවා ඇති. පෘථිවිය අයිති සෞරග්‍රහ මණ්ඩලය තුළ ජීවින් සිටින එකම ග්‍රහලෝකය බවට පෘථිවිය පත්වන්නට ප්‍රධාන හේතුවන වන්නෙත් මේ ඔක්සිජන් වායුවයි. එය රැක ගැනීම මිනිසාගේ යුතුකමක් වෙයි.

Rate this item
(23 votes)