April 25, 2024

ලොකු වාහන පසුකර යන ඔබ කියවිය යුතු කතාවක්

February 10, 2021

ශ්‍රී ලංකාව තුළ සිදුවන මාර්ග අනතුරු දෙස බලන අවස්ථාවලදී බොහෝ දෙනෙක් බර වාහන (ටිපර් රථ, ලොරි රථ සහ ප්‍රයිම් මූවර්ස් රථ) සහ බස් රථවලට හසුව මිය යන පිරිසක් ඇති බව දැක ගත හැකිය.

මෙවැනි අනතුරු බොහෝ අවස්ථාවල නොසැලැකිලිමත් රිය ධාවන නිසා මෙන්ම බර වාහන ඉස්සර කර යෑමේදී සැලැකිලිමත් විය යුතු කරුණු පිළිබඳව අවබෝධයක් නොමැතිකම නිසාද සිදුවිය හැකිය.

බර වාහන සාමාන්‍යයෙන් අනිකුත් මෝටර් රථ වෑන් සහ බයික්, ත්‍රිරෝද රථවලට වඩා ප්‍රමාණයෙන් විශාල වන අතර දිගින් ද වැඩිය. එමෙන්ම රියැදුරුද සිටින්නේ ද ඉහළින්ය. මෙවැනි හේතු නිසාම රියැදුරට දැකිය හැකි සීමාවන් ද ඉතාමත් අවම වී තිබේ.

මෙලෙස බර වාහනවල රියදුරන්ට දැකිය නොහැකි සීමාව “නොපෙනන සීමා (Blindspot)”  ලෙස හඳුන්වනු ලබයි. මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නේ එවන් නොපෙනන සීමා හෙවත් බ්ලයින්ස්පෝට් පිළිබඳවයි.

 “නොපෙනන සීමා (Blindspot)” යනු කුමක්ද?

“නොපෙනන සීමා (Blindspot)” යනු රියදුරු දෘෂ්ටි ක්ෂේත්‍රයෙන් පිටත මාර්ගයේ පැති දර්පණවලින් හා පසුපස දර්ශන දර්පණවල හෝ ජනේල හරහා දැකිය නොහැකි ප්‍රදේශයි. සෑම වාහනයකම මෙම නොපෙනන සීමාවන් ඇති අතර බර වාහනවල මෙම සීමාව වැඩිපුර පිහිටා ඇත. වාහන වටා නොපෙනන සීමාවන් ඇති නමුත් ඒවායේ ප්‍රමාණය හා ස්ථානය වාහනයේ වර්ගය අනුව වෙනස් වේ. ප්‍රධාන වශයෙන් මෙම නොපෙනන සීමාවන් වාහනයේ ඉදිරිපස, පිටුපස හා පැතිවල පිහිටා ඇත.

බර වාහනවල  “නොපෙනන සීමා (Blindspot)” පිහිටා තිබෙන්නේ මේ ස්ථානවලයි

දිගු බඳක් සහිත ලොරි රථ

1. ඉදිරියෙන් ඇති සීමාව

ලොරි රථවල ඉදිරි මුහුණත (Hood) දිගුවන තරමට නොපෙනන සීමාවද වැඩිවෙයි. මෙම සීමාවට ඇතුළු වන කුඩා මෝටර් රථ, මෝටර් සයිකල්, ත්‍රීවිල් වැනි වාහන දැකීමට අපහසුය.

2. දෙපැත්තෙන් ඇති සීමාව

මෙම ලොරි රථවල රියදුරන්ට දැකිය හැකි වන්නේ තමන්ගේ වාහනයේ ඇති පැති දර්පණයන් හරහා පමණයි. මෙම පැති දර්පණයන්වලට හසු නොවෙන සීමාව රියදුරුට දැකීමට හැකියාවක් නොමැත.

3. පිටුපසින් ඇති සීමාව

ලොරි රථයක පිටුපසට දර්පණයක් නොමැති බැවින් රියදුරුට වාහනයේ පිටුපස දැකීමට හැකියාව නොමැත. මේ නිසා ලොරි රථයක පිටුපස ඇති නොපෙනන සීමාව ඉතාමත් වැඩිය.

බස් රථයක 

1. ඉදිරියෙන් ඇති සීමාව

බස් රථයක මුහුණ පැතිලි වන නිසා ඉදිරියෙන් ඇති නොපෙනන සීමාව අවමය. මෝටර් රථ වැනි දේවල් දැකිය හැකි වුවත් මෝටර් සයිකල් වැනි කුඩා දේවල් දැක ගැනීමට ඇති හැකියාව අවමය.

2. දෙපැත්තෙන් ඇති සීමාව

බස් රථයේ විශාලත්වය නිසා එහි පැති නොපෙනන සීමාවෙන් සැලකිය යුතු ප්‍රදේශයක් පුරා පැතිර ඇත.. ප්‍රකාශිත බස් සඳහා පැති අන්ධ පැල්ලම් ඊටත් වඩා විශාලය. පැති දර්පණවලින් ද මෙම සම්පුර්ණ ප්‍රදේශ ආවරණය නොවෙයි. එම නිසා මෙම සීමාවන් ඔස්සේ ළඟා වෙන කුඩා වාහනයක් බස් රථයකට දැකීමට ඇති හැකියාවද අවමය.

3. පිටුපසින් ඇති සීමාව

බස් රථවල පිටුපස තරමක විශාල වීදුරු ජනේලයක් පිහිටා ඇති නිසා පිටුපසින් ඇති නොපෙනෙන සීමාව අවම වී ඇත. නමුත් රියදුරුට දැක නොහැකි සීමාවක් පවතී. එම නිසා පිටුපස සීමාවන් පිළිබඳව දැනුවත්ව කටයුතු කළ යුතුය.

4. ඉදිරියෙන් වම් අත පැත්තේ සීමාව

බස් රථවල රියදුරුට වම් අත පැත්තෙන් ඇති බස් රථය වහළට සම්බන්ධ වන කොටස (Pillar) පුළුල් වන තරමට රියදුරට එම දිශාවෙන් පෙනෙන සීමාවද අවම වෙයි.

(Side Safe Bumper Bar)

එමෙන්ම දිගු වාහනවල රෝදවලට හසු වී මිය යන පිරිසක් ද සමාජයේ සිටි ඒ එම වාහනයේ ගැටීමෙන් වාහනය තුළට විසි වීම නිසාය. මෙයට හේතුව වන්නේ දිගු වාහනවල ඉදිරිපස රෝද සහ පිටුපස රෝද අතර ඇති දුර වැඩි වීමයි. මෙම අනතුරු වළක්වා ගැනීම සඳහා මෙම රෝද දෙක අතරට ආරක්ෂක ආවරණයක් (Side Safe Bumper Bar) සවි කරනු ලබයි. මෙම ආරක්ෂිත ආවරණය නිසා පුද්ගලයෙකු වාහනයේ ගැටුනහොත් රෝද අතරට විසි වීමට ඇති ඉඩ නැති වී යයි. මෙය බොහෝ වෙලාවට රාත්‍රී කාලයේ දී පවා දිස්නය දෙන ස්ටිකර්වලින් ආවරණය කර ඇත. නමුත් බොහෝ වාහන රථ රියදුරන් මෙම කොටස ගලවා දැමීමටද කටයුතු කරමින් තිබේ. 

වාහන රථ රියදුරන් පමණක් නොව පාර තුළ ගමන් කරනා පදිකයන් ද මෙම සීමාවන් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළ යුතුය. නූතන වාහන නිර්මාණය කිරීමේ දී මෙම සීමාවන් අවම කිරීම සඳහා විවිධ තාක්ෂණික උපක්‍රමයන් නිර්මාණය කරමින් ඇත. රියදුරු අසුන පහළට ගෙන ඒම, කැමරා සවි කිරීම, සංවේදක සවි කිරීම, පැති දර්පණ විශාල කිරීම වැනි බොහෝ ක්‍රම ඊට අයත් වෙයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 March 2021 15:00