April 24, 2024

දේශගුණික විපර්යාස හිම වලසුන්ට තම වර්ගයාවම ගොදුරක් කළ හැටි

February 08, 2021

දේශගුණික විපර්යාස අද ලෝක මුහුණ දෙන භයානකම උවදුර බවට පත්වෙමින් තිබේ. මෙය මිනිසාට තවමත් හරිහැටි නොදැනුණත් සත්ත්ව ලෝකය දැනටමත් මෙම විපාකයට ගොදුරුව තිබේ.

ඒ අතරින් හිම වලසුන් මෙම දේශගුණික විපර්යාස, ගෝලීය උණුසුම ඉහළ යාම නිසා දැඩිව පීඩාවට පත්ව සිටින සත්ත්ව කොට්ඨාසය ලෙසද හැඳින්විය හැකිය.

හිම වලසුන් මෙලෙස සත්ත්වයන් අතර ගැටුම් ඇති වීමත් ඒවා මරාන්තික සටන් දක්වා ගොස් එක් සතෙකු මරා දැමීමත් සාමාන්‍ය චර්යාවන් වන අතර ඒවා කාලයකට පෙර දුර්ලභ සිදුවීම් බවට පත්ව තිබුණි. 

එම සටන් බොහෝ විට වාසස්ථානයන්, වර්ගයා අතර තම ස්ථානය රැක ගැනීම වැනි කාරණා උඩ සිදු වූවත් දැන් මෙම සතුන් එකිනෙකා මරා ගැනීමත් මරා දැමූ අනිත් සත්ත්වයන් ආහාර ලෙස ගැනීමත් සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ.

ඒ ගෝලීය උණුසුම ඉහළ යාම නිසා ආක්ටික් කලාපයේ ග්ලැසියර දිය වී යාම නිසා වාසස්ථානයන් අහිමි වීම, ආහාර සොයා ගැනීමට ඇති හැකියාව අවම වීම වැනි කාරණයන් මත හිම වලසුන් සිය වර්ගයේ ම සත්ත්වයන් මරා දමා ආහාරයට ගැනීමට පුරුදුව සිටියි.

ගෝලීය උණුසුම ඉහළ යාම මෙන්ම ආක්ටික් කලාපය තුළ දිගින් දිගටම සිද්ධ වන මිනිසා ක්‍රියාකාරකම් හේතුවෙන් ද මෙලෙස ආක්ටික් කලාපයේ පරිසර පද්ධතියට හානි වී ඇති බවටද පරිසර සංවිධානයන් පෙන්වා දෙයි. එම නිසාම මෙම සතුන්ගේ මෙම චර්යා රටා වෙනස් වූ බවටද ඔවුන් චෝදනා නගමින් සිටියි.

ආක්ටික් කලාපය තෙල් නැව් විසින් තමන්ගේ පහසුම ගමන් මාර්ගයක් බවටත්, එමෙන්ම තෙල් කැනීම් කටයුතු සඳහා සිදුවන ක්‍රියාකාරකම් නිසාත් ආක්ටික් ග්ලැසියර කැඩී වෙන් වී ගොස් ඇති බවටද වාර්තා වෙයි. පසුගිය වසර 25ක කාලය තුළ ආක්ටික් කලාපය තුළ අයිස් මට්ටම 40%කින් පහත වැටී තිබේ.

මෙහිදී ආහාර හිඟ අවස්ථාවන්වලදී විශාල පිරිමි සතුන් විසින් පැටව් සහ ගැහැණු සතුන්ට පහර දීමට පෙළෙඹෙන බව සත්ත්ව නිරික්ෂකයන් සඳහන් කරයි.

පර්යේෂකයන් මෙම සතුන් රැක ගැනීමටත් ඔවුන්ගේ සම්ප්‍රදායික දඩයම් භූමින් සහ වාසස්ථානයන් රැක ගැනීමටත් දැඩි වෙහෙසක් දරමින් සිටියි. 

Rate this item
(0 votes)
Last modified on Friday, 12 March 2021 15:03