May 15, 2021

විවාහක රූ රැජින තරඟාවලියෙන් ලැබුණු ප්‍රසිද්ධිය තමන්ගේ දේශපාලනයට යොදාගන්නා බවට එල්ල වන චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය ප්‍රකාශ කර සිටියි.

ඇය එහිදී සඳහන් කර සිටියේ එම චෝදනාව තමන් පිළිනොගන්නා බවත්, ඕනෑම කෙනෙකුට දේශපාලන මතයක් තිබිය හැකි බවයි.  

පුෂ්පිකා ද සිල්වා මහත්මිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ “ඕනෑම කෙනෙකුට දේශපාලිනක මතයක් තියෙන්න පුළුවන්, මටත් තිබුණා මම නැහැ කියන්නේ නැහැ.. කවුරුත් දන්නවා මං කැම්පේන්වලට සහයෝගය දුන්නා කියලා. ඒවා බොරු නෙමෙයි ඒවා ඇත්ත.. නමුත් අපේ ජීවිතේ අපි හිතන දේවල් අපි හිතන විදිහටම ලැබෙන්නේ නැහැ.. ඒක තමයි ඇත්ත. මොකද මම හිතුවේ නැහැනේ ක්‍රවුන් එක ඔය විදිහට ගලවයි කියලා..” යනුවෙනි.

එම සිදුවීමෙන් තමන්ගේ ජීවිතයට හොඳ පාඩමක් ඉගෙන ගත් බව ප්‍රකාශ කර සිටි පුෂ්පිකා ද සිල්වා මහත්මිය පවසා සිටියේ “මට මේක මගේ ජීවිතයේ ලොකු ට්‍රනින් පොයින්ට් එකක් වුණා..දෙවියන් වහන්නේ මාව ඉහළටම එසෙව්වා.. මොකද එතනදී මගේ මේ ලංකාවේ මිනිස්සුන්ගේ ආදරය ගෞරවය විතරක් නෙමෙයි,මුළු ලෝකයම මට වුණු අසාධාරණයේදී හිට ගත්තා. ඒක මට ලැබුණු ලොකු වරප්‍රසාදයක්..”

තමන් දැන් එක කොට්ඨාසයකට, ජාති ආගම්, කුල භේද, පක්ෂ පාට භේදයකින් තොරව ස්වාධීනව වැඩ කිරීම සඳහා තීරණයක් ගෙන තිබෙන බවද පුෂ්පිකා මහත්මිය සඳහන් කළේය.

“ඉස්සර මගේ පාස්ට් එක හිතලා තමයි කට්ටිය චෝදනා කරන්නේ.. පාස්ට් ඉස් පාස්ට්.. නමුත් මට මේ වෙච්චි සිදුවීමෙන් මගේ ජීවිතේ ගොඩාක් බලාපොරොත්තු වෙනස් වුණා.. මේ වෙලාවේ මගේ ටාගට් එක ලෝක රූ රැජින කිරුළ, මේ වෙච්ච කැළල් ටික, රටට වුණු අපකීර්තිය නැති කරන්න මේ පාර ලෝක විවාහක රූ රැජින තරඟයට ගිහිල්ලා 03 වෙනි වරටත් ලෝක විවාහ රූ රැජින කිරුළ ලංකාවට ගේන එක තමයි මගේ එකම ගෞරවය සහ මගේ එකම අභිලාෂය…”

ඒෂියන් මිරර් විසින් ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මියගෙන් විමසා සිටියේ ඇය දේශපාලනයට පිවිසීම සඳහා සුදානමක් නැති බවට ස්ථිරවම ප්‍රකාශ කළ හැකිද ලෙසයි.

එහිදී ඇය සඳහන් කර සිටියේ තමන්ට දේශපාලනයට පිවිසීම සඳහා ඕනෑ කමක් තිබුණු බවත්, දැන් එම අදහස නොමැති බවයි. “ඒක දෙවියන්වහන්සේ තීරණය කරපු දෙයක්, මොකද අපි හැමදෙම ලැබෙන්නෙත් නැහැ නොලැබෙන්නෙත් නැහැ. ලැබෙන්න තියෙන දෙයක් තියෙනවා නම් ලැබෙයි, නොලැබෙන්න දෙයක් තියෙනවා නම් නොලැබෙයි.. දැනට මගේ එහෙම බලාපොරොත්තුවක් නැහැ..” ලෙසිනි.

“මට මේ ලැබිලා තියෙන වරප්‍රසාදයත් එක්ක දේශපාලනය කියන්නේ මොකක්ද? මට මේ ලැබිලා තියෙන ආදරය, මිනිස්සුන්ගේ ගෞරවය, මේ මුළු ලෝකයෙන්ම ලැබිච්ච දෙයක් නේද? ඇයි මං මේ දේශපාලනයට සම්බන්ධ වෙලා හැමදෙම නැති කරගන්නේ? මං මටම කරගන්න අපරාධයක් ආසාධාරණයක් ඒක..” යැයිද ඇය අවසන් වශයෙන් ඒෂියන් මිරර් සමඟ එක්ව පවසා සිටියා.

කැරොලයින් ජූරි විසින් සිදු වූ දෙයට සමාව ඉල්ලා සිටියා නම් ශ්‍රී ලංකාවට ලෝක රූ රැජින කිරුළ අහිමි නොවන්නට තිබුණු බව ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මිය පවසා සිටියා.

ඇය මේ බව කියා සිටියේ ලෝක විවාහක රූ රැජින කිරුළ අහිමි වීම පිළිබඳව ඒෂියන් මිරර් විසින් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

රටක් ලෙස මෙම කිරුළ අහිමි වීම ඉතාමත් කණගාටු දායක සිදුවීමක් බවද ඇය පවසා සිටියා.

“එයාලා දුර දිග බලන්නේ නැතුව වැඩ කරන්න ගිහිල්ලා, එයාලාගේ හැසිරීම නිසා අන්තිමට ලොකු කැළලක් වුණේ අපේ රටට… දුරදිග බලලා වැඩ කරා නම් මේ වගේ සිදුවීමක් වෙන්නත් නැහැ.. ඔය ප්‍රශ්න මම දුරදිග ගෙනියන්න කටයුතු කළේ නැහැ.. මට ඕන වුණේ මේ ප්‍රශ්නය හොඳින් කෙටියෙන් නිරාකරණය කරගන්න.. නමුත් එතනදී කැරොලයින් ජූරිට නම්‍යශීලි වෙන්න තිබුණා..” යැයිද ඇය අප වෙත සඳහන් කර සිටියා.

කැරොලයින් ජූරි සමාව ගත යුතුව තිබුණේ තමන්ගෙන් පමණක් නොවන බවත් පුෂ්පිකා ද සිල්වා මහත්මිය සඳහන් කළාය.

විනිශ්ච මණ්ඩලය, ජාතික අධ්‍යක්ෂක, අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳගෙන්, විපක්ෂ නායකවරයාගේ බිරිඳගෙන්, රෝසි සේනානායක මහත්මිය සහ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගෙන් ඇතුළ ශ්‍රී ලාංකික ජනතාවගෙන්ම සමාව ගත යුතු තරමේ වැරදක්, කැළලක් කැරොලයින් විසින් සිදුකළ බවද පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසින් පෙන්වා දෙයි.

කැරොලයින් ජූරි විසින් සමාව ඉල්ලා සිටියේ නම් මෙම ප්‍රශ්නය ඉතාමත් සරළව විසඳා ගැනීමට තිබූ බවත්, සමාව නොගැනීම නිසා මෙය නීතිමය ප්‍රශ්න දක්වා ගෙන ගියේ එම පිරිස විසින්ම බවද පුෂ්පිකා ද සිල්වා මහත්මිය සඳහන් කළාය. 

කැරොලයින් ජූරි විසින් ලෝක විවාහක රූ රැජින කිරුළ අත්හැරීමත් සමඟ එය 2019 ලෝක රූ රැජින තරඟාවලියේ දෙවන ස්ථානයට පත් මිසිස් අයර්ලන්ඩ් වෙත හිමිවිය.

රෝසි සේනානායක මහත්මිය විසින් 1985 දී ලෝක විවාහක රූ රැජින ලෙස පත් වීමෙන් වසර 34කට පසුව ශ්‍රී ලංකාව වෙත නැවත එම කිරුළ ලබාගැනීමට හැකි වන්නේ 2019 වසරේ දී කැරොලයින් ජූරි හටය.

මින් ඉදිරියට ජාතික මට්ටමින් පැවැත්වෙන රූ රැජින තරඟ ආණ්ඩුවේ නියාමනය මත සිදුකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබේ.

ඒ ලෝක විවාහක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලාංකික විවාහක රූ රැජින තේරීමේ තරගයේ දී සිදු වූ සිද්ධිය පදනම් කොටගෙනය.

මෙම කරුණු හෙළිදරව් කරන ලද්දේ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාය.

මින් මතුවට මෙවැනි තරග සඳහා "ශ්‍රී ලංකා" නාමය පාවිච්චි කරන්නේ නම් ඒ පිළිබඳව නියාමනය කිරීමට මෙන්ම පසු විපරමක් කිරීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එමෙන්ම ලෝක රූ රැජිණ තරඟ සඳහා වූ ශ්‍රී ලාංකීය රූ රැජින තරග ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිදුකළ යුතු බවත් ඒ සඳහා සිය අමාත්‍යාංශය මේ විෂය සම්බන්ධයෙන් දැනුමක් ඇති පෞද්ගලික සංවිධාන සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ලෝක විවාහක රූ රැජින වන ජැකොලයින් ජූරි විසින් විවාහක රූ රැජින තරගයේ දී ජයග්‍රාහිකාව ලෙස නම්කළ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ නැවත ගලවා දෙවැන්නාට පැළඳවීම මත එම තරගය දේශීය පමණක් නොව ජාත්‍යන්තර අවධානයටද ලක්විය.

මේ වන විට මෙම ප්‍රශ්නය පොලිසිය දක්වාත් එතනින් උසාවිය දක්වා දුර දිග ගොස් ඇති අතර සිද්ධියට අදාළව කැරලයින් ජූරි හා චූලා පත්මේන්ද්‍ර ඇප පිට නිදහස් කොට තිබේ.

පසුගිය අප්‍රේල් මස 04 වැනිදා පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජින 2020 තරඟාවලිය අතර ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීමට සම්බන්ධ වීමෙන් පසුව 2019 ලෝක විවාහක රූ රැජින ලෙස පත්වූ කැරොලයින් ජූරි සිය කිරුළ ගලවා තමන් විවාහක ලෝක රූ රැජින කිරුළන් ඉවත් වෙන බව පැවසීය.

ඒ අනුව ඇයගේ ඉල්ලා අස්වීම ලෝක විවාහක රූ රැජින තරඟාවලිය සංවිධානය කරන ලබන ආයතන විසින් පිළිගෙන තිබේ.

එම ආයතනය ලිපියක් මඟින් පවසා ඇත්තේ කැරොලයින් සිය ස්ව කැමැත්තෙන් ඉල්ලා අස් වූ බවත් ඇයගේ ඉදිරි ජීවිතයට සුබ පැතුම් එක් කරන බවයි.

එමෙන්ම එම ආයතනය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කැරොලයින් විවාක රූ රැජින කිරුළෙන් ඉවත් වූ පසුව 2019 ලෝක විවාහක රූ රැජින කිරුළ අයර්ලන්තයෙන් තේරී පත් වූ තරඟාවලියේ දෙවැනියා හට පිරිනමන බවයි.

ඒ අනුව 2019 නව ලෝක විවාහක රූ රැජින ලෙස අයර්ලන්ත ජාතික කේට් ගැලිගන් තේරීපත්ව තිබේ.

Miss World Inc වෙතින් නිකුත් කළ ලිපිය පහතින්,

නව විවාහක රූ රැජිනගේ ඡායාරූප පහතින්,

පසුගිය අප්‍රේල් මස 04 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරඟාවලියේ දී ඇති උණුසුම් තත්ත්වය හේතුවෙන් එම පරිශ්‍රයට හානි සිදු බවට අද (19) කුරුඳුවත්ත පොලීසිය විසින් කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ආනවරනය කරන තිබුණි.

මෙම කරුණු අනාවරණය කිරීම කර තිබුණේ ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසින් හිටපු ලෝක රූ රැජින කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර යන මහත්මින්ට විරුද්ධව ගොනු කර තිබූ නඩුව විභාග කළ අවස්ථාවේදීය.

මෙහිදී පොලීසිය විසින් අනාවරණය කර තිබුණේ නෙළුම් පොකුණ රඟහලට රුපියල් ලක්ෂ 4ක පමණ අලාභයක් සිදුව ඇති බවයි.

එහිදී අධිකරණය විසින් කුරුඳුවත්ත පොලීසිය නියෝග කර තිබුණේ අදාළ සිදුවීම සම්බන්ධව සම්පුර්ණ හානිය ගණනය කර ඒ පිළිබඳව වාර්තාවක් නීතිපතිවරයා වෙත යොමු කරන ලෙසයි.

නඩු විභාගය ජූනි මස 28 වන දින යළි කැඳවීමට නියමිතය. 

විවාහක රූ රැජින කිරුළ සම්බන්ධව දැඩි මතභේදාත්මක සිදුවීමකට සම්බන්ධ වූ හිටපු ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි සහ නිරූපන ශිල්පිනි චුලා පද්මේන්ද්‍ර යන මහත්මින්ට එරෙහිව ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසින් ගොනු කර නඩු විභාගය අද (19) දිනයේ දී විභාගයට ගැනුණි.

ඒ අනුව නඩු විභාගය කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගැනුණු අතර මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර සිටියේ කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍රව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙසය.

මෙම නඩුව සමථයකට පත් කර ගැනීමට නඩුව ගොනු කළ පුෂ්පිකා ද සිල්වා මහත්මිය එකඟතාවය පළ කර ඇති බවද ඇයගේ නීතිඥවරුන් අධිකරණ වෙත දන්වා තිබේ.

පුෂ්පිකා ද සිල්වා මහත්මියට සුළු තුවාල සිදුකිරීම, බියගැන්වීම, බලපෑම් කිරීම හා අභූත චෝදනා එල්ල කිරීම යන චෝදනා කිරීම් සඳහා කැරලොයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍ර යන මහත්මීන්ව  පසුගිය 08 වැනිදා කුරුඳුවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනුණත් පසුව පොලිස් ඇප මත මුදා හැරියේය.

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ අවසන් තරඟය සඳහා සහභාගී වූ තරගකාරියන් 20 දෙනා නියෝජනය කරමින් තරගාකාරියන් පිරිසක් විසින් කොළඹ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා තිබේ.

මෙහිදී ඔවුන් විසින් තරඟාවලිය තුළ විනිවිද භාවයක් නොතිබුණු බවටද චෝදනා කර තිබුණු අතර සංවිධාකයන් විසින් තමන්ව රවට්ටන ලද බවද ඔවුන් ප්‍රකාශ කර තිබුණි.

එමෙන්ම තරඟාවලියේ ඉදිරිපත් කර තිබූ නීති මාලාව පිළිබඳවද යම් අපැහැදිළි තත්ත්වයක් මතු වූ බවද ඔවුන් සඳහන් කර තිබුණි.

තරඟාවලියේ මුල් අවස්ථාවේදී විවාහක බව තහවුරු කිරීම සඳහා සැමියා සාක්ෂිකරුවෙකු ලෙස ඉදිරිපත් කළ යුතු බව තිබුණත් පසුව එම නීතියද නොසලකා හැර තිබූ බව ඔවුන් ප්‍රකාශ කර සිටියහ.

මෙහිදී හිටපු ලෝක විවාහක රූ රැජින වූ කැරලොයින් ජූරිගේ ක්‍රියාකලාපය මෙම පැමිණ සිටි පිරිස විසින් අනුමත කර සිටියහ.

2020 විවාහක රූ රැජින කිරුළ දිනාගත් පුෂ්පිකා ද සිල්වා මහත්මියව ජයග්‍රාහිකාවක් කරවීම සඳහා සංවිධායකයන් විසින් සැලසුම් සහගතව කටයුතු කර ඇති බවද ඔවුන් චෝදනා කර තිබුණි.



ලෝකයේ යුටියුබ් සමාජ මාධ්‍ය තුළ තාක්ෂණික ගැජට් ෂෝ කරන්නන් අතර වැඩිම සබ්ස්ක්‍රියබ් ප්‍රමාණයක් හිමි නාලිකාවක් වන “Unbox Thearpy (අන්බෝක්ස් තෙරපි)” නාලිකාව කරගෙන යනු ලබන ලුවිස් ජෝර්ජ් හිල්සෙන්ටර් විසින් ශ්‍රී ලංකාවේ දැඩි ආන්දෝලනාත්මක සිදුවීමක් වූ විවාහක රූ රැජින කිරුළ සම්බන්ධව වූ ආරවුල පිළිබඳව සිය අදහස් අද (11) දිනයේ යුටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබුණි.

අන්බෝක්ස් තෙරපි නාලිකාවේ සමගාමී නාලිකාවක් වන “LaterClips (ලෙටර්ක්ලිප්ස්)” ඔස්සේ මෙලෙස ජෝර්ජ් හිල්සෙන්ටර් සිය අදහස් ප්‍රකාශ කර තිබුණු අතර ඔහු පවසා සිටියේ මෙවන් සිදුවීමක් තමන්ගේ ජීවිතයටම දැක තිබුණේ නැති බවයි. ජෝරජ් එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම සිදුවීම විශ්වාස කිරීමට අපහසු සිදුවීමක් බවයි.

එහිදී ජෝර්ගේ මිතුරෙකු වන සහ අන්බෝක්ස් තෙරපි නාලිකාවේ සම නිර්මාතෘවරයෙකු වන ජැක් මැකාන් ද එක්ව සිටියේය.

ජෝර්ජ් විසින් මෙම සිදුවීම සම්බන්ධව සිය අදහස් පළ කරමින් ප්‍රකාශ කර සිටියේ මෙවන් සිදුවීමක් වීම අදහා ගත නොහැකි බවයි. එම සිදුවීම තමන්ට සත්‍ය සිදුවීමක් යැයි විශ්වාස කිරීමට තරම් අපහසු එකක් බවද ඔහු සඳහන් කළේය. 

මෙම සිදුවීම වන අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳ ද එම ස්ථානයේ රැඳී සිටි බවට ඔහු ප්‍රකාශ කර සිටින අතර එම කිරුළ ගලවනු ලබන වීඩියෝව අමුතුම ආකාරයේ වීඩියෝවක් බවද ඔහු පවසා සිටියේය.

ජෝර්ජ් සහ ජැක් විසින් ලෙටර්ක්ලිප්ස් නාලිකාව ඔස්සේ ලෝකයේ විවිධ සිදුවීම සම්බන්ධව සිය අදහස් බෙදා හදා ගන්න අතර ඔවුන් මෙවර ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින කිරුළ සම්බන්ධ සිදුවීම මෙයට යොදාගෙන තිබුණි.

එම වීඩියෝව පහතින්,

2020 ලෝක විවාහක රූ රැජින තරඟාවලියේ දී ප්‍රථම ස්ථානය හිමිකර ගත් පුෂ්පිකා ද සිල්වා මහත්මියට බලහත්කාරකම් කිරීම සහ සුළු තුවාල සිදුකිරීම යන වරදට අත්අඩංගුවට පත් 2019 ලෝක රූ රැජින කැරොලයින් ජූරි සහ ප්‍රවීණ නිරූපන ශිල්පිනියක් වන චූලා පත්මේන්ද්‍ර යන මහත්මීන් හට පොලිස් ඇප හිමිව ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධව නඩු කටයුත්තක් පැවැත්වීමට නියමිත අතර එය එළැඹෙන 19 වැනිදා පැවැත්වීමට නියමිත තිබේ.

පසුගිය 04 වැනිදා නෙළුම් පොකුණ රඟහලේ පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජින උළෙලේ දී විවාහක රූ රැජින ලෙස අභිෂේක ලද පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ බලහත්කාරයෙන් ගලවා ඉවත් කළ ලෝක විවාහක රූ රැජින වූ කැරොලයින් ජූරි සහ එම අවස්ථාවේ එයට සම්බන්ධ වූ චූලා පත්මේන්ද්‍ර මහත්මින්ව මේ වන විට අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් චූලා පත්මේන්ද්‍ර මහත්මිය විසින් සමාජ මාධ්‍ය වෙත සජීවි විකාශයක් ලබාදෙමින් පවසා තිබුණේ තමන්ව සහ කැරොලයින් ජූරිව අත්අඩංගුවට ගත් බවට පළ වන පුවත් අසත්‍ය බවයි.

කලබල වී සිටින තමන්ගේ මිතුරු මිතුරියන්ට කලබල නොවන ලෙසද ඇය එහිදී කියා සිටියාය. 

තමන් සහ කැරොලයින් ජූරි කුරුඳුවත්ත පොලීසිය වෙත පැමිණියේ පැමිණිල්ලක් සඳහා ප්‍රකාශ ලබා දීමට බවද ඇය සඳහන් කළාය. 

දෙපාර්ශවයේ ම එකඟතා මත මෙම සිදුවීම සම්බන්ධව නඩු මාර්ගයට පිවිසීමට කටයුතු කළ බවද එහිදී චූලා පත්මේන්ද්‍ර මහත්මිය සඳහන් කර සිටියාය.

ඇය සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ වීඩියෝව පහතින්,

Page 1 of 3