April 19, 2024

ආධිපත්‍ය පැතිරවීමට ඇති ලොව භයානකම ආයුධ

December 17, 2014
ලෝකයේ බොහෝ රටවල් උත්සාහ කරනුයේ අන් රටක් හෝ ජාතියක් පරදවා නැගී සිට තම ආධිපත්‍ය පැතිරවීමටය. පළමුවන ලෝක යුද්ධය හා දෙවන ලෝක යුද්ධය ඇතිවූයේ ද මෙම න්‍යාය උපයෝගි කොටගෙන වේ. මෙම යුද්ධයන් සඳහා අති විශාල මුදල් සම්භාරයක් යට කිරීමට එම රටවල් මැලිවන්නේද නැත. ඒ ආකාරයෙන් විශාල මුදල් ප්‍රමාණයක් යොදවා නිර්මාණය කිරීමට උත්සාහ කළ ලොව භයානකම ආයුධ කිහිපයක තොරතුරු පහත දැක්වෙයි.
 
සඳ වුවද විනාශ කළ හැකි න්‍යෂ්ටික බෝම්බය
Project 119-A ලෙස හඳුන්වන මෙම න්‍යෂ්ටික බෝම්බය මගින් සඳ වුවද විනාශ කළ හැකි බව පැවැසේ. අභ්‍යවකාශ තරණය කිරීම සඳහා ඇමෙරිකාව හා රුසියාව අතර ඇතිවූ තරගයේදී ඇමෙරිකාව පරදවා රුසියාව ජයගනු ලැබිය. ඒ ඇමෙරිකානුවන්ට ප්‍රථමව රුසියානුවන් අභ්‍යවකාශය තරණය කිරීමෙනි. මෙහිදී ඇමෙරිකානුවන්ගේ චිත්ත ධෛර්යය පහළ වැටුණි. එයට පිළියමක් වශයෙන් ඇමෙරිකානු රජය විසින්Project 119-A න්‍යෂ්ටික බෝම්බය නිෂ්පාදනය කිරීමට උත්සාහ කළේය.
කෙසේ වුවද වාසනාවකට මෙන් ඇමෙරිකානුවන්ට මෙම න්‍යෂ්ටික බෝම්බය නිෂ්පාදනය කිරීමට නොහැකි විය.
 
අයිස්වලින් තැනූ අහස් යානා රැගෙන යා හැකි නෞකාව 
Iceberg Aircraft Carrier නමින් හඳුන්වන මෙම නෞකාව Project Habakkuk  ලෙසද හැඳින්විණි. මෙම නෞකාව  දෙවන ලෝක යුද සමයේදී අහස් යාත්‍රාවන් රැගෙන යාම වෙනුවෙන් නිර්මාණය කිරීමට බ්‍රිතාන්‍යයන් දැව පල්පයක් හා අයිස්වලින් සමන්විත විශේෂිත මිශ්‍රණයක් යොදාගෙන ඇත. නෞකාව නිමකර ගැනීමට කාලයක් ගත වන බවත් ඔවුන්ට පසුව අවබෝධ වී තිබේ. පවතින යුදමය වාතාවරණය නිසාත්, සම්පත්වල අධික නාස්තියත් නිසා පසුකාලීනව මෙම නෞකාව නිර්මාණය කිරීමේ අදහස අතහැර දැමිනි.
 
රහසේ බෝම්බ හෙළිය හැකි යානාව
1991 දී මැක්ඩොනල් ඩග්ලස්ගේ සහ ජනරාල් ඩයිනමිස්ගේ අදහසකට අනුව The flying Dorito නමින් අහස් යානාවක් නිර්මාණය කිරීමට තීරණය විය. තම නාවික දේශසීමාවට අනවසරයෙන් ඇතුළුවන ජර්මන් හමුදාව වෙතට රහසේ බෝම්බ හෙළා විනාශ කිරීම ඇමෙරිකානු නාවික හමුදාව විසින් මෙම අහස් යානාව නිර්මාණය කිරීමේ මූලික අරමුණයි. ත්‍රිකෝණාකාර අහස් යානාවේ ඇති විශේෂත්වය වූයේ ඕනෑම කාලගුණ තත්ත්වයක් යටතේ වුවද පියාසර කිරීමට හා ගොඩබෑමට හැකි වීමය. මෙම යානාව නිර්මාණය කිරීමේදී ඔවුන් ඇස්තමේන්තුගත කළ මුදලට වඩා වැඩි මුදලක් වැයවෙන බව ඇමෙරිකානුවන් හට අවබෝධ වීමෙන් අහස් යානාව නිර්මාණය කිරීමේ කටයුත්ත නතර විය. 1991 වර්ෂයේදී ඩොලර් බිලියන 57ක ඇස්තමේන්තුගත මුදලක් වැය කර අහස් යානාවක් නිර්මාණය කිරීම මුදල් අපතේ යැවීමක් ලෙස ඔවුන් සිතුවා විය හැක.
 
ශබ්දයේ වේගය මෙන් තුන් ගුණයක් වූ බෝම්බ රැගෙන යන යානාව
Intruder from the future  නමින් හඳුන්වන මෙම යානය B - 70 නම් වූ ව්‍යාපෘතිය මගින් 1961 දී ජර්මානු බෝම්බ රැගෙන යාමට නිපදවන්නට ජර්මානුවන් විසින් තීරණය කළේය. මෙම යානයේ විශේෂත්වය වනුයේ හැතැප්ම 15ක් පමණ උසකට පියාසර කිරීමේ හැකියාව සහ ශබ්දයේ වේගයට වඩා තුන් ගුණයකින් වේගවත් වීමයි. කෙසේ නමුදු මෙම ව්‍යාපෘතිය සඳහා වැය වෙන අධික වියදමත් එය නිපදවීමෙන් මහද්වීප අතර යුදමය තත්ත්වයක් ඇතිවීමට ඉඩකඩ තිබෙන නිසාත් B-70 ව්‍යාපෘතිය නවතා දැමිනි.
Rate this item
(0 votes)