April 24, 2024

සිතේ සැනසුමට හොඳම තැන

December 16, 2014
ලොව දෙවැනි විශාලතම දාගැබ මහාරාෂ්ට්‍රයේ බටහිර බොම්බායේ ඉන්දියාවේ බොරිවිල් නුවර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ඉදිකැර ඇත. බෝට්ටුවෙන් ද තවත් පසෙකින් ගොඩබිමෙන් ද මෙම මනරම් පුජනිය ස්ථානයට ළගාවිය හැකියි​. උල්ලාස් නගරයේ බෞද්ධ විහාරාධිපති නලිවෙල ආනන්ද හිමියන්ගේ උපදෙස් මත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පරිපාලන කලමනාකරු සුරේශ් මෙම විශ්මිත නිමෑවුම ගැන මෙසේ විස්තර කළේය​.
 
ලෝකයේ නන්දෙසින් සංචාරකයන් මෙහි එනවා. දාගැබ හැඳීම ආරම්භ කළේ 1997දි හදලා ඉවර කළේ 2008දි. විවෘත කලේ 2009 පෙබරවාරි 8 වැනිදා මියන්මාර ගෘහනිර්මාණ ශිල්පින් අතිනුයි මෙ හැමදෙම නිම වුණේ. රත්තරන් පාට ගැන්විම තායිලන්ත වාත්තු ශිල්පින් අතිනුයි සිදු වුයේ. දාගැබට පසෙකින් ඇති බුදු පිලිම වහන්සේ තනි ගලකිනුයි නෙළලා ඇත්තේ. උස අඩි 15යි. බර ටොන් 60යි. දාගැබ හදන්න උපයොගි කරගත්තේ රතු ගල් ගෙනාවේ උත්තර ප්‍රදේශයෙන්. මහා දොඹකර මගින් ඒ ගල් ඉහළට ගෙන ගියා. දාගැබ අභ‍යන්තරයේ  10000කට භාවනා කරන්න පුළුවන්. ලෝකයේ ඕනෑම කෙනකුට අපි භාවනා වැඩසටහන් කරන්නේ නොමිලේ. දින 10 පාඨමාලාවට එන අය සදහා කෑම බිම ඉදුම් හිටූම් නොමිලේ දෙනවා. පැය භාගේ භාවනා වැඩසටහන් ද අපි කරනවා. අනුරාධපුරයේ අටමස්ථානාධිති ස්වාමින් වහන්සේ හා නලිවෙල අනන්ද හිමියන් අපිට ශ්‍රි මහා බොධියේ අංකුරයක් ගෙනත් පුජා කළා. තායිලන්ත, මියන්මාර්, ඉංදියා, ශ්‍රි ලංකා බෞද්ධයින්ගේ මුදල් වලින් තමයි මේ සෑය ඉදි කෙළේ. 
 
ඇමරිකා ඩොලර් මිලියන 30ක් (රුපියල් මිලියන 3990) වටිනා මේ ඉඩම පරිත්‍යග කළේ විපස්සනා භාවනාව ප්‍රගුණ කළ පිංවතෙක්.
දාගැබෙ උස අඩි 325යි.
පළල   අඩි          280යි.
වියදම ඉංදියානු රුපියල් කෝටි 185යි.(රුපියල් කෝටි 71225)
අත්තිවාරමෙ ගැඹුර අඩි 30යි පළල අඩි 20යි.
රතු ගල් ප්‍රමාණය මිලියන 2.5යි.
වැලි ලොරි 3000යි.
වැයවු මිනිස් ශ්‍රමයේ කාලය පැය මිලියන 90යි.
Rate this item
(0 votes)