April 20, 2024

බුදුන් වහන්සේට අපහාස කළ බුරුම අවන්හලකට නඩු

December 12, 2014
බුදුන් වහන්සේගේ රූපය, මත් ද්‍රව්‍ය සහ මත්පැන් අලෙවි කරන වැඩසටහනක ප්‍රචාරණයට භාවිතා කිරීම හේතුවෙන් බුරුමයේ ටපාස් අවන්හලේ කළමනාකරණ නිලධාරීන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරා තිබේ.
අවන් හලේ ප්‍රධාන කළමනාකරු, නවසීලන්ත ජාතික ෆිලිප් බ්ලක්වුඩ් සහ උප ප්‍රධාන කළමනාකරු සහ අයිතිකරු වන තවත් බුරුම ජාතිකයින් දෙදෙනෙකුයි පළ කර ඇති දැන්වීම වෙනුවෙන් අත්අඩංගුවට පත්වී තිබෙන්නේ.
බුරුමයේ ආගම් පනතට අනුව ආගමකට අපහාස කිරීම හෝ හානි කිරීමේ වරදට වසර දෙකක සිර දඬුවම් නියම කිරීමට අධිකරණයට බලය තිබේ.
මත්පැන් සාදයක් වන එම වැඩසටහනේ ප්‍රචාරණය වෙනුවෙන් ෆේස්බුක් අඩවියේ පළ කර තිබූ බුදුන්ගේ රුව ඉතා තද වර්ණ භාවිතා කොට නිර්මාණය කර ඇති අතර එහි දැක්වෙන්නේ බුදුන් වහන්සේ ශ්‍රව්‍ය උපාංගයක් පැළඳ සිටින ආකාරයයි.
 
ඊට අමතරව එම ප්‍රචාරණ දැන්වීමේ සීමා රහිත මත්පැන් සහ සීෂා දුම් සපයන බවට වැකියක්ද පළ කර තිබේ. බුරුමයේ ආගමික කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුව විසින් පසුගිය බදාදා අවන්හල වසා දැමීමට පියවර ගන්නා ලදී.
සමාජ මාධ්‍ය පුරා මහත් කැලඹීමක් ඇති කිරීමට සමත් වූ එම දැන්වීම මේ වන විට අන්තර්ජාලයෙන් ඉවත් කොට සමාව ඉල්ලමින් දැන්වීමක් පළ කොට තිබේ.
 
බුද්ධ ධර්මයට අපහාස කිරීමට විරෝධතාවය දක්වමින් බුරුම ස්වාමින් වහන්සේ අවන්හල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වන බවයි වාර්තා වන්නේ.මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසු වන කළමනාකරණ නිලධාරීන්ට ඇප ලබා දීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.
Rate this item
(0 votes)