March 28, 2024

සිරියාවේ සිරියාව කෝ ?

December 11, 2014
සිරියානු සරණාගතයන්ට සහනාධාර ලබාදීම ලෝක ආහාර වැඩ සටහන නවතා දැමීම හේතුවෙන් ඔවුන් බලවත් අසීරුතාවකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. සිරියානු සරණාගතයන් ලක්ෂ 17ක් සඳහා සහනාධාර ලබාදීමට වැය කළ අරමුදල අර්බුදයට ලක්වීම හේතුවෙන් මෙලෙස සහනාධාර සැපයීම නතරකිරීමට සිදුව ඇත.
එක්සත් ජාතින්ගේ ඒජන්සිය පැවසුවේ මෙම වැඩ සටහන මගින් ජෝර්දානයේ, ලෙබනන්, තුර්කිය, සහ ඊජිප්තුවේ සරණාගතයිනට ආහාර මිලදී ගැනීමට වවුචර් පත් ලබා දුන් බවයි. සහනාධාර නොමැතිවීමෙන් බොහෝ පවුල්වලට කුසගින්නේ ශීත සෘතුව ගත කිරීමට සිදුව ඇත.
 
ලෝක ආහාර වැඩ පිලිවලේ විධායක අධ්‍යක්ෂක එර්තරින් කුෂින් පැවසුවේ දෙසැම්බර් මාසයේ පමණක් සරණාගතයන්ට උදව් කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 64 ක් එනම් පවුම් මිලියන 41 ක් අවශ්‍යව තිබෙන බවයි.
සිරියානු ජනාධිපති බෂාර් අල් අසෙඩ් ට විරුද්ධව මීට වසර තුනකට පෙර ඇතිවූ කැරළි හේතුවෙන් සිරියාවේ ලක්ෂ 37 කට වඩා රටින් පලාගොස් ඇති අතර ලක්ෂ 76 ට සිරියාව තුලම උන් හිටි තැන් නැතිවි තිබේ.
 
ආහාර වැඩ සටහන නැවත්විමෙන් අනාථයන්ගේ සෞඛ්‍යයට සහ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වි ඇතැයිද අසල්වැසි රටවල් වල ආරක්ෂාවද නැතිවි ගොස් ඇතැයි කොසින් මහත්මිය කිවාය.
අළුතින් අරමුදල් ලැබුනේ නම් අනාථයනට තම ඉලෙක්ට්‍රෝනික  වවුචර් මගින් ආහාර මිලදි ගැනිමට සහාය දැක්වීමට වහාම පියවර ගන්නා බව කොසින් මහත්මිය පවසයි.
Rate this item
(0 votes)