March 28, 2024

සාර්ථකව දියඹට පැමිණි ඔරායන් කැප්සියුලය

December 06, 2014
ඇමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සියේ ඔරිඔන් යානයේ මගී කැප්සියුලය මිනිසුන් රහිතව දියට ගොඩබැස්සවීම සම්බන්ධ පරීක්ෂණය සාර්ථකව සිදුකළ බව පවසයි.
 
ඩ්‍රෝන වීඩියෝවක් මගින් එය පටිගත කර ඇති අතර, අභ්‍යවකාශ යානයෙන් වෙන්වූ කැප්සියුලය පැරෂුට් ආධාරයෙන් මෙක්සිකෝවෙන් ඔබ්බෙහි වූ පැසිෆික් සාගරය වෙත පතිත වී තිබේ.
 
එහිදී, පිහිනුම්කරුවන්ගේ ආධාරයෙන් කැප්සියුලය නැවත ගොඩගැනීම සඳහා එම සාගර කලාපයේ ඇමෙරිකානු නාවුක හමුදාව කටයුතු කළ බවද කියැවෙයි.
 
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඔබ්බට සඳ හා අඟහරු දක්වා මිනිසුන් රැගෙන යා හැකි ලෙස අභ්‍යවකාශ මෙහෙයුම් වැඩිදියුණු කිරීමේ පියවරක් ලෙස ඔරිඔන් මෙහෙයුම දියත් වෙයි.
 
Rate this item
(0 votes)
Last modified on Monday, 08 December 2014 09:07