April 20, 2024

ලක්ෂ 20ක් වටිනා විස්කි බෝතලේ (වීඩියෝ)

ස්කොට්ලන්තයේ Balvenie distillery සමාගම විසින් විස්කි නිෂ්පාදනය කිරීම සඳහා 1963 වසරේදී පුරවන ලද ඉපැරණි පීප්ප වලින් පසුගියදා විස්කි නිෂ්පාදනය කෙරුණු අතර වසර පනහක් පදම් කළ මෙම බෝතලයක මිල මෙරට මුදලින් රුපියල් ලක්ෂ 49 කට ආසන්න බව සඳහන් වේ.
 
පසුගිය වසර 50 පුරාම මෙම පීප්ප රැකබලාගෙන තිබෙන්නේ ලොව සුප්‍රසිද්ධ විස්කි නිෂ්පාදකයෙකු වන David Stewart නැමැත්තායි. මෙම පීප්ප වලින් පෙරාගත්තේ විස්කි බෝතල් 131 ක් පමණක් බවත් ඒවා Balvenie Fifty නමින් අලෙවි කරන බවත් වාර්තා වේ.
 
වාර්තාවන ආකාරයට මුළු ඇමරිකානු වෙළඳ පොළේම විකුණන්නේ Balvenie Fifty විස්කි බෝතල් 15 ක් පමණි. David Stewart පවසා තිබෙන්නේ සමාගම විසින් වසර 50 කට පෙර මෙම පීප්පවල ඉඟුරු, සාදික්කා, වියලි පළතුරු හා රටඉඳි ඇතුළු විස්කි නිෂ්පාදනය කිරීමේ අමුද්‍රව්‍ය පිරවූ බවයි.
 
කාලය ගතවන විට පීප්පවල තිබෙන ද්‍රාවණය වාෂ්ප වන බවත් ඇතැම් විට ඒවායේ තිබෙන මධ්‍යසාර ප්‍රමාණයද අඩුවන බවත් සඳහන්ය.
 
සාමාන්‍යයෙන් Scotch whisky යන නාමයෙන් වෙළඳ පොළට විස්කි නිකුත් කිරීමට ඇල්කොහොල් ප්‍රතිශතය සියයට 40 ක් පමණ තිබිය යුතු බවත් මෙම පීප්පවල තිබූ විස්කිවල එම ප්‍රමාණයේ ඇල්කොහොල් ප්‍රතිශතයක් තිබූ නිසා සමාගම කළ ආයෝජනය වතුරේ නොගිය බවත් සඳහන්ය.
 
 
Rate this item
(0 votes)