April 24, 2024

රතු ග්‍රහයාගේ මරණය

November 27, 2014
අඟහරු ග්‍රහයාගේ ශිෂ්ඨාචාරය සහමුලින් ම විනාශකර දමනු ලැබුවේ පිටසක්වල ජීවීන් විසින් හෙලනු ලැබූ න්‍යෂ්ඨික බෝම්බයකින් විය හැකියැයි ඇමෙරිකානු භෞතික විද්‍යාඥයකුවන වෛද්‍ය ජෝන් බ්‍රැන්ඩන්බර්ග් පවසයි.
 
ඔහුගේ විශ්මිත මතයෙන් කියවෙන්නේ සයිඩෝනියන්ස් සහ උටෝපියන්ස් ලෙස හඳුන්වන ආදි කල්පිත අඟහරුවාසීන් මේ ප්‍රහාරයෙන් කෘෘර ලෙස සමූලඝාතනය කරනු ලැබ ඇති බයි. මේ ජීවී සංහාරය පිළිබඳ සාක්ෂි අදට ද දක්නට ලැබෙන බව බ්‍රැන්ඩන්බර්ග් පවසයි.
 
2011 වර්ෂයේ දී පමණ විද්‍යාඥයන් උපකල්පනය කළේ අඟහරු ග්‍රහයාගේ රතු පැහැයට හේතුව ස්වභාවිකව සිදුවූ න්‍යෂ්ඨික පිපිරීමක් වූ බවයි. එතැන්සිට තවදුරටත් සිදුකළ පර්යේෂණයන් මගින් වර්ධනය කරනු ලැබූ මේ අදහස තවදුරටත් ස්වභාවික පිපිරුමක් නොවන බව සොයාගන්නා ලදී.
 
ඔහුගේ නවතම පර්යේෂණ පත්‍රිකාවෙන් දක්වා ඇත්තේ අඟහරැගේ වායුගෝලයේ ඉහල සාන්ද්‍රණයක් පවතින සෙනොන්-129 කෙරෙහි ඔහුගේ පර්යේෂණ කේනද්‍රගත වූ බවයි. මතුපිට පෘෂ්ඨයේ පවතින යුරේනියම් හා කෝරියම් සාන්ද්‍රණය සම්බන්ධයෙන් ද ඔහුගේ අවධානය යොමුව ඇත.
 
බ්‍රැන්ඩර්න්බර්ග් මහතා අවධාරණය කරන්නේ ඒ අඟහරුමත සිදුවූ න්‍යෂ්ඨික පිපිරීම් දෙකේ අවශේෂ බවයි. එක්තරා කාලයක අඟහරුමත පෘථිවියට සමාන දේශගුණික තත්ත්වයක් පවතින්නට ඇතැයි ඔහු අවධාරණය කරයි. සතුන් හා ශාක එහි තිබෙන්නට ඇති බවත් එය ආදි මිසර ශිෂ්ඨාචාරය මෙන් දියුණුව පවතින්නට ඇති බවත් බ්‍රැන්ඩර්න්බර්ග් මහතා සිය පර්යේෂණ වාර්තාවෙන් පවසා ඇත.
 
මේ පිළිබඳ අදහස් දක්වන විද්‍යාඥයන් පවසන්නේ වර්තමානයේ පෘථිවියේ පවතින න්‍යෂ්ඨික ශක්තිය භාවිතයන් කෙරෙහි ද මේ අදහස වැදගත්වන බවයි. එසේ ම යම් දිනක පෘථිවියට අප විසින් ම මෙවැනි හානියක් කරගැනීමට ඉඩ ඇතැයි ද විද්‍යාඥයෝ පෙන්වාදෙති.
Rate this item
(0 votes)