March 29, 2024

ලොව විශාලත ම බහුකාර්ය නෞකාව වැඩ අරඔයි

November 24, 2014
මෙතෙක් ලොව නිෂ්පාදනය වූ විශාලත ම බහුකාර්ය නෞකාව එය නිපදවූ දකුණු කොරියා නැව් තටාංගනයේ සිට නෙදර්ලන්තයේ රොටර්ඩෑන් වරාය වෙත ගමන් ආරම්භ කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
පීටර් ෂෙල්ටේ ලෙස නම් කැර ඇති මේ නැවේ දිග අඩි 1253කි. පළල අඩි 407 කි. ටොන් 48,000ක බරක් උසුලාගෙන සිටීමේ හැකියාව මේ නෞකාව සතුය.
මුහුදේ සිදුවන තෙල් ලිං කැණීමේ කටයුතු වෙනුවෙන් මේ නැව නිපදවූ බව එය නිපදවූ කොරියාවේ ඩෙවෝ හෙවි ඉන්ඩස්ට්‍රි නමැති සමාගම පවසයි. ඇමෙරිකානු ඩොලර් බිලියන 2.97ක වියදමකින් සාදා ඇති නැවේ අයිතිය ඇත්තේ ස්විස් සමාගමක් වූ ඕල්සීස් සමාගමටය. එම සමාගම මුහුදේ තෙල් නළ සවිකිරීමට ඇතුළු සාගරයේ ඉදිකිරීම් සඳහා නමක් දිනාගත් සමාගමකි.
Rate this item
(0 votes)