March 29, 2024

ප්‍රංශ ජනපතිගේ අනියම් පෙම මාළිගාවට කැන්දන් එයි

November 24, 2014
ප්‍රංශ ජනපති ෆ්‍රන්සුවා ඕලන්ද් සිය අනියම් පෙම්වතිය ප්‍රංශ නිළී ජුලී ගයේත් ජනපති මන්දිරය වන ඉලීසියේ මාලිගාවට කැන්දන් විත් ඇතැයි ප්‍රංශ පුවත් සේවා වාර්තා කරයි.
ජනාධීපතිවරයා ජුලී ගයේත් ප්‍රසිද්ධීයේ ඉලීසියේ මාලිගාවට කැන්දන් ආ පළමු අවස්ථාව මෙය වේ.
 
ජනධිපතිවරයා සහ 42 හැවිරිදි ප්‍රංශ නිළිය අතරේ අනියම් හබයක් ඇති බව ලොවට අනාවරණය වුයේ මේ වසර ආරම්භයේදී ය. 60 හැවිරිදි ජනධිපතිවරයා විවාහකයෙකු නොවුවත් ඔහුට සහකාරියක් සිටියේය. ඇය 49 හැවිරිදි වැලරි ත්‍රිවිලේය.
 
ජනපති සහ ජුලි අතර පෙම් හබය ප්‍රසිද්ධ වෙද්දි , වැලරි ඒ ගැන උරණ වී ජනපති හැර ගොස් ඇත. 
Rate this item
(0 votes)
Last modified on Monday, 24 November 2014 09:52