March 29, 2024

“මේකට කවුරුත් වග කියන්න ඕනේ නැහැ” – ලිපියක් ලියා තබා ධාවන ශූරිය සිය දිවි නසා ගනී (PHOTOS)

මෙරට මීටර් 400 කාන්තා කඩුලු පැනීමේ ශූරිය වූ කෞශල්‍යා මධුශානි හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

25 හැවිරිදි ඇය දුම්මලසූරිය, තෝරබිත්තිය, පඩිවෙල පිහිටි සිය නිවසේදී ගෙළ වැළලාගෙන දිවි හානි කරගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.

කුලියාපිටිය මධ්‍යම මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඇය ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් ජාතික තලයේ මළල ක්‍රීඩා ක්ෂේත්‍රයට පිවිසුණා.

පසුගිය දා පැවති 100 වන ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේදී කෞශල්‍යා මධුශානි කාන්තා මීටර් 400 කඩුළු පැනීමේ ඉසව්ව ජයග්‍රහණය කළේ තත්ත්පර 58.73ක කාලයක් සටහන් කරමින්.

දුම්මලසූරිය පඩිවෙල ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවස තුළ ගෙල වැළලා සියදිවි නසාගත් කෞශල්‍යා ඊට ප්‍රථම ලිපියක් ද ලියා තබා ඇති බවයි පැවසෙන්නේ.

මෙම මරණයට වගකිවයුත්තේ තමන්ම බවයි ඇය ලියා තැබූ ලිපියේ දක්වා ඇත්තේ.

කෞශල්‍යා මධුශානිගේ මව කදුළු සලමින් මෙසේ අදහස් දක්වා සිටියා.

“පණ වගේ ඔක්කොම රැක ගත්තේ එයා. මොකක්ද කියලා අපිට හිත හදා ගන්න බැහැ.

සිය දිවි නසා ගැනීමට ගැනීමට පෙර ඇය තම හොඳම යෙහෙළියට යැවූ කෙටි පණිවුඩයේ දැක්වෙන්නේ මෙවැන්නක්.

Rate this item
(0 votes)