April 23, 2024

ගාලුමුවදොර අරගල භූමිය අසලට පොලිස් ට්‍රක් රථ පෙළක්

ගාලුමුවදොර දී පැවැත්වෙන දැවැන්ත ජන අරගලය අද (16) පැවැත්වෙන්නේ අඛණ්ඩව අටවන දිනටයි.

ආණ්ඩුවට විරෝධය පළකරමින් පසුගිය 09 වනදා තරුණ පිරිස එක්ව මෙම ජන අරගලය ආරම්භ කළ අතර මේ වනවිට ඒ සඳහා බොහෝ පිරිසකගේ සහයෝගය ලැබෙනවා.

සාමකාමී අරගලයක් ලෙස පැවැත්වෙන මෙම ජන අරගලය සිදු කරන භූමිය ආසන්නයට පොලිස් ට්‍රක් රථ පෙළක් පැමිණ ඇති ආකාරය දැක්වෙන ඡායරූප කිහිපයක් මේවන විට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

කෙසේ වෙතත් කුමන හේතුවක් මත අදාල පොලිස් ට්‍රක් රථ මෙම ස්ථානයට පැමිණ ඇත්දැයි කරුණු අනාවරණය වී නැහැ.

 

 

Rate this item
(0 votes)