April 16, 2024

හදිසියේම ලයිව් ආපු ඉරාජ්ගෙන් සැර කතාවක්

ගායන ශිල්පී ඉරාජ් වීරරත්න නම කියපු සැනින් හැමෝම අඳුරන චරිතයක්.

කාලයෙන් කාලයට කතා බහට ලක්වෙන පුද්ගලයෙක් කිව්වොත් නිවැරදියි. 

ඉතින් වැඩිපුර මේ දිනවල ඔහු පිළිබඳව බොහෝ දෙනෙක් අතර කතාබහ සිද්ධ වෙනවා.

ඒකට මූලිකම හේතුව පවතින රජය බලයට ගෙන ඒම සඳහා පසුගිය කාල වකවානුව තුළදී ඉරාජ් ඇප කැප වෙලා වැඩ කටයුතු කරපු නිසයි.

ඒ නිසාම ඔහු තාමත් මේ කිසිම වැඩපිළිවෙලකට සහයෝගය දෙන්නැතුව මුනිවත රකිනවා කියලා බොහෝ දෙනෙක් දෝෂාරෝපණය කළා.

එනිසාම බොහෝ දෙනෙක් ඔහු විවේචනය කරලා පෝස්ට් පවා ශෙයා කරන්න පෙළඹුණා.  

ඉතින් ඔහු පවතින තත්වය සහ අරගලය සම්බන්ධයෙන් අදහස් කීපයක් හුවමාරු කරගන්න live වීඩියෝවක් ආවා.

එහිදී ඉරාජ් විරෝධතාවය දක්වන සියලුම දෙනාට කරපු ප්‍රකාශයන් පහතින්,

” පහුගිය දවස්වල ගොඩක් දේවල් උනා. අපි බලාගෙන හිටියා පහුගිය දවස්වල මොකද්ද වෙන්නේ කියලා. මුලින්ම මේ දවස්වල තියෙන අරගලය ගැන ඉස්සෙල්ලම කතා කරන්න ඕනේ. ඉතින් මේ අරගලය ඉතා හොඳයි ඉතා ලස්සනට ඔයගොල්ලෝ කරගෙන යනවා.

ඉතින් පසුගිය දවස්වල අපි දැක්කා අපේ සිංහල සහෝදරයෝ මුස්ලිම් සහෝදරයෝ හැමෝම එකට එකතු වෙලා මේ වැඩේ කරගෙන යනවා. ඔයගොල්ලො කාටවත් කරදරයක් නැතුව පාරට බැහැලා ඕගොල්ලන්ගේ අරගලය කරගෙන ගියා. ඔයගොල්ලන්ගේ පීඩනය මේ දවස් වල රටේ තියෙන ප්‍රශ්න ගැන කතා කිරීම ගැන අපි ඇත්තටම සන්තෝසයි.

පසුගිය කාල අරගල කළා ඔයගොල්ලන්ට මතක ඇති. කූරගල ප්‍රශ්නෙදි  අපි ලොකු වැඩපිළිවෙළක් ගෙන ගියා.  ඒ වගේම රණවිරු ප්‍රශ්නෙදි සංඝයා වහන්සේලා සමග  අපි වැඩ කළා. ඇත්තටම මේක හොඳ දෙයක් හැබැයි මං ආවෙ ඔයගොල්ලන්ට පොඩි දෙයක් කියන්න.

බොහොම අහිංසක ඔයගොල්ලන්ගේ මේ සටන ඇතුලේ වෙන විසබීජ වගයක් ඇවිල්ලා තියෙනවා. ඒ දේවල් වලට අහුවෙන්න එපා කියලා තමයි මං මම ඔයගොල්ලන්ට කියන්නේ. මොකද මම හැමදාම ජනතාව එක්ක හිටියේ. වැඩේ හොදට කරගෙන යනවා අරගල කරන්න ඕනි. මේ ආණ්ඩුවට වැරදි පෙන්නන්න ඕනෙ  මමත් ගිය අවුරුද්ද මේ සියලුම දේවල් වලින් අයින් වෙලා මමත් විවේචනය කළා. ප්‍රශ්න කරන්න ඕනේ අරගල කරන්න ඕනේ හැබැයි   විසබීජ මේක ඇතුලට ඇවිල්ලා මේක වෙනත් පැත්තකට අරගෙන යනවා.

මේ අරගලය ඇතුලට වෙන කට්ටියක් ඇවිල්ලා ඒගොල්ලන්ගෙ ඇජෙන්ඩා වලට ඔයගොල්ලන්ව ඇදගෙන යනවා. විශේෂයෙන් මේ සන්නස්ගල කියන පුද්ගලයා.මේ සන්නස්ගල කියන පුද්ගලයා කියනවා දළදා මාලිගාව රාජසන්තක කරන්න ඕනෙලු. ස්වාමීන් වහන්සේලාට ඉතාමත් නරක විදිහට ෆේස්බුක් එකේ facebook එකෙ පොස්ට් share වෙනවා. දැන් ඔයගොල්ලන්ට තේරෙනවද වෙන දේ ඔයගොල්ලන්ගේ අරගලය මේගොල්ලෝ වෙනත් පැත්තකට ඇරගෙන යන්න හදන්නේ.

ඊයෙ යූටියුබ් අප්පච්චි කෙනෙක් යනවා සංඝයා වහන්සේලාට දඬුවම් කරන්න ඕනේ කියලා. ඉතින් ඒගොල්ලො ඕගොල්ලන්ගේ දේවල් වෙන පැත්තකට ඇදන් යන්න හදන්නේ. සන්නස්ගල දළදා මාලිගාව රාජසන්තක කරන්න කියන්න කවුද එයා. එයා කොහොමද එහෙම කියන්නෙ ඉතින් ඔය ගොල්ල තීරණය කරන්න.”

Rate this item
(0 votes)