March 28, 2024

"මාත් 69 ලක්ෂෙන් එක්කෙනෙක් - නිහඩව සිටියත් ජනතා අරගලයේ නාඩිය මටත් දැනෙනවා"

ආචාර්ය රෝහණ වීරසිංහ කියන්නේ ශ්‍රී ලංකාවේ සංගීත මාවතක අලුත්ම රටාවකට හැඩ ගස්සපු අපූරු සංගීතඥයෙක්.

රෝහණ වීරසිංහයන් සතු ඒ අපූරු සංගීත ඥානය නිසාම සංගීත ලෝකය තුළින් රසවත් අර්ථවත් වූ ගී තනු රැසක් රසවිදීමට අපට අවස්ථාව උදා වුණා.

ඒ විදිහට සමාජය තුළ සංගීත ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත් ඔහු පිළිබඳව වර්තමානයේ ජනතාව වැඩිපුර විමසන්න පටන් අරන්.

ඒකට මූලිකම හේතුව පසුගිය රජය බලයට ගෙන ඒම සඳහා වැඩ කටයුතු කරපු කලාකරුවන් අතර රෝහණ වීරසිංහයන් කැපී පෙනෙන චරිතයක් වෙච්ච නිසයි.

මේ වන විට නන්දා මාලනී පවා අරගල භූමියට පැමිණෙනු අවස්ථාවක බොහෝ දෙනෙක් විමසපු කරුණක් තමා කෝ රෝහණ වීරසිංහ කියන දේ.

රෝහණ වීරසිංහයන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ සටනේදී සහයෝගය දැක්වූ අයෙක්.

රෝහණ වීරසිංහ මහතා සිය ‘ෆේස්බුක්’ පිටුවේ පහත සටහන යොදා තිබෙනවා.

“අපේ ආදරණීය නන්දා අක්කාත් සුනිල් අයියාත් අද ගෝටාගෝ ගම අරගල භූමියට යාමත් සමග මගේ නිහඩ බව ගැන බොහෝ දෙනෙක් දැන් විමසනවා. ඇත්තෙන්ම මුලු හදවතින්ම මා මේ අරගලයට සුබ පතනවා! ආශීර්වාද කරනවා.

බොහෝ දෙනා මාවෙත ඇගිල්ල දිගුකරන අයුරු කලක් රාජපක්ෂවරුන්ට කඩේ යාම පිළිබඳව අද මට ඇත්තේ විශාල පශ්චාත්තාපයක්. මගේ ජීවිතයේ මැකිය නොහැකි කලු ලපයක් ඇතිවූ බව මම හිතට එකගව පිලිගන්නවා. කවුරු අතිනුත් එවැනි වැරදීම් සිදුවීම ස්වභාවික දෙයක්.

 2019 දී මාද 69 ලක්ෂයේ එක් අයෙකු වූවා පමණි. ඒ වනවිට ශ්‍රී ලංකාවේ මුලු දේශපාලන ක්ෂේත්‍රය පිළිබදවම අසීමිත කළකීරීමට පත්ව සිටිමුත් 69 ලක්ෂයේ අන් හැමදෙනා මෙන්ම මමත් ඒ සිහින බලාපොරොත්තුවලට යටවුන බව සත්‍යයක්.

ඒත් අද මේ යතාර්ථය සක්සුදක් සේ පැහැදිලියි. හොරකම- දූෂණය - වංචාව පවුල්වාදය - අවනීතිය - අකාර්‍යක්ෂමතාව - නිර්ලජ්ජිත බව මේ පාලනය තුළ පැහැදිලිවම ඔප්පුවී තිබියදීත් ජනතාවට කන් නොදීම නින්දා සහගතයි.

 නිහඩව සිටියත් ජනතා අර්ගලයේ නාඩිය මටත් දැනෙනවා. අරගලයට ජයවේවා”

Rate this item
(0 votes)
Last modified on Tuesday, 12 April 2022 21:40