April 20, 2024

VTV තුළින් වෙනස්ම නාට්‍ය 4 ක් මුල සිට

ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ප්‍රේක්ෂකයන්ගේ රසාස්වාදය සඳහා මුල සිට නැවතත් ජනප්‍රිය ටෙලිනාට්‍ය හතරක් නව මුහුණුවරක් ගත් VTV රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිතයි.

ඒ අනුව අද (11) සිට සෑම සතියේ දිනකම රාත්‍රී 7.30 ට Blackpool ටෙලිනාට්‍යත්, රාත්‍රී 8.30 ට සිත් බැඳි දනව්ව ටෙලිනාට්‍යත් මුල සිට නැවත නැරඹිය හැකියි.

එමෙන්ම ලබන සෙනසුරාදා (16) සිට සෑම සති අන්තයකම රාත්‍රී 7.30 ට සංඟිලි කනදරාව ටෙලිනාට්‍ය සහ රාත්‍රී 8.30 ට රෝස සංධ්වනිය ද මුල සිට නැවතත් ප්‍රේක්ෂකයින් වෙත VTV නාලිකාව ගෙන එනු ඇත.

ප්‍රවීණ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන Blackpool, සිත් බැඳි දනව්ව, සංඟිලි කනදරාව සහ රෝස සංධ්වනිය ටෙලි නිර්මාණ, පිළිවෙළින් කැළුම් උඩුවාවල, රිහාන් රවීන්ද්‍ර, චන්දන ධර්මප්‍රිය, සහ ගිවන්ත අර්ථසාත්ගේ අධ්‍යක්‍ෂණයන් වේ.

VTV නාලිකාව UHF 54 ඔස්සේ විකාශය වේ.

Rate this item
(0 votes)