April 20, 2024

සංජිවනීව ඇත්තටම හූ කියා එලවා දැම්මාද? - ඇත්ත කතාව සංජිවනිම කියයි

සංජීවනී වීරසිංහ යනු ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්.

එපමණක් නොවෙයි ඇය ක්ෂේත්‍රය තුළ ගායන ශිල්පිනියක ලෙසත් කටයුතු කරනු ලබනවා.

කොහොම නමුත් 1985 වර්ෂයේ සැප්තැම්බර් මස 6 වන ඇය සංගීත ක්ෂේත්‍රය තුළ මියුරු කටහඩටම ආවේණික වූ අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීමට ඇය සමත් වෙලා තිබෙනවා.

ඒ විතරක් නෙවෙයි ඇය තමන්ගේ නම රැකගනිමින් කලා ක්ෂේත්‍රය තුළ ඉතාමත් සාර්ථක ලෙස ගමන් කරනවා. 

කොහොමහරි ඉතින් වර්තමානයේදී නම අපට ඇයව වැඩිය රූපවාහිනිය ඔස්සේ දැකගන්නට නොලැබුනත් ඇය සමාජ මාධ්‍ය ජාලා තුළ නම් ක්‍රියාකාරී චරිතයක් ලෙසින් අපට නිරන්තරයෙන් දැකගන්නට ලැබෙනවා. 

කොහොම නමුත් මේ වන විට විවාහ වී සිටින ඇය තම ආදරණීය සැමියා සහ දරුවන් දෙදෙනා සමගින් ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කරනු ලබනවා.

අමරිකාවේ – ලොස් ඇන්ජලිස් නුවරදී ඇයට ජනතා විරෝධයක් එල්ල වී තිබෙනවා.

ඒ සම්බන්ධ වීඩියෝවක ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

ශ්‍රී ලංකාවේ පවතින දූෂිත පාලනයට එරෙහිව එරට ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරන ලද විරෝධතාවකට එක්වීමට පැමිණි ඇයට එහිදී ජනතා අප්‍රසාදය එල්ල වුණේ අදාළ විරෝධතාවයෙන් පිටව යන ලෙස බලකරමින්.

ඊට හේතුව ලෙස විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බලයට ගෙන ඒමට සංජීවනී වීරසිංහ විසින් ද එකල සහයෝගය දැක්වූ බවයි.

කෙසේ වෙතත්, සංජීවනි වීරසිංහ සිය මුහුණු පොතේ සඳහනක් තබමින් කියා සිටියේ, පිරිසක් තමන්ට විරුද්ධ වූ නමුත්, තමා එතැනින් නොගිය බවයි.

එසේම ඇය විරෝධතාවය අතර අදහස් දක්වන වීඩියෝවකුත් අන්තර්ජාලය වෙත මුදා හැර තිබුණා.

සංජීවනි මුහුණු පොතේ තැබූ සටහන පහතින්,

ඉතාම නොමග යවනසුළු වීඩියෝවක් ඇතැම් දේශපාලන අඳබාලයන් විසින් , එතැන බලාසිටියා සේ කරුණු දක්වමින් පලකර ඇති බව මා දුටුවා. ඒ ගැන මගේ හිතවතුන් බොහොමයක් මගෙන් විමසන නිසාම ඒ පිළිබද විස්තරයක් වීඩියෝද සහිතව නොබෝ දිනකින් පලකරමි.

දැනට කීමට ඇත්තේ එතැන බහුතරයක් ශ්‍රී ලාංකික හිතවතුන් මෙි නිර්පාක්ෂික අරගලයට මාව ඉතා ආදරායන් පිළිගත් අතර, ඉතාමත් සුළු පිරිසක් රජයට මා සහයෝගය දීම පිළිබද විමසූ අතර එයට මා අවශ්‍ය පිළිතුරු සැපයූ බවයි.

ඒ අවස්ථාවේ දී පූජ්‍ය ශාන්ත සෝභන හිමියන් විසින් රටට ආදරයෙන් ආරාධනා පිළිගෙන පැමිනි සියලිලන් පක්ෂ, පාට වෙනසක් නොමැතිව ආදරයෙන් පිළිගතයුතු බවද ,දේශපාලන කුහකකම් වලින් තොරව එකාවන්ව කටයුතු කලයුතු බවද කියන ලදී. අනතුරුව තවත් පැය දෙකක් පමන කාලයක් ලාංකීය මිතුරන් සමඟ කල්ගත කොට පවතින දේශපාලන අරගලය පිළිබදවද සාකචිඡා කර, අදහස් දක්වා ඉතාම සහයෝගයෙන් එම එකමුතුව විසිර යන ලදී.

රටෙි මොන අරගලය තිබුනත් සුළු රූපරාමුවකට වුවද වැරදි අර්ථකථන දී තම කුහකකම්, සන්තර්පනය කරගන්නට බලන අසහනකාරී දේශපාලන හිඟන්නන් පතුරන මෙවැනි බොරු ප්‍රචාර වලට මා ඔවුනට අනුකම්පා කරමි.

අරගලයට ජයවෙිවා .එකමුතුකම නොමැතිතැන කිසිඳු අරගලයක් සාර්ථක නොවන බවද මඩ ප්‍රචාර කරන්නන්ගේ කුඩා මොළ වලට වැටහේවා. 

Rate this item
(0 votes)