March 29, 2024

විරෝධතාකරුවන්ට එකතු වෙන්න ආ සංජිවනි වීරසිංහව හූ කියා එළවයි (VIDEO)

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන සංජීවනී වීරසිංහට ජනතා විරෝධයක් එල්ල වී තිබෙනවා.

ඒ අමරිකාවේ – ලොස් ඇන්ජලිස් නුවරදීයි.

ශ්‍රී ලංකාවේ පවතින දූෂිත පාලනයට එරෙහිව එරට ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරන ලද විරෝධතාවකට එක්වීමට පැමිණි සංජීවනී වීරසිංහ හට එහිදී ජනතා අප්‍රසාදය එල්ල වුණේ අදාළ විරෝධතාවයෙන් පිටව යන ලෙස බලකරමින්.

ඊට හේතුව ලෙස විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බලයට ගෙන ඒමට සංජීවනී වීරසිංහ විසින් ද එකල සහයෝගය දැක්වූ බවයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 10 April 2022 14:34