April 20, 2024

"එයාලා එයාලාගෙ රටඉඳි බෙදාගෙන අපිටත් දුන්නා - එයාලා දවසෙම බඩගින්නේ" - අරගලේ පිටුපස කතාව

මේ දවස්වල මිනිස්සු ගෙදර ඉන්නවට වඩා ඉන්නේ පාරේ.

ඒ අපේ රට වෙනුවෙන් අරගල කරන්න.

අද ගෝල්ෆේස් පුරවන්න ජන ගංගාවක් එකතු වුණා. 

ඒ ගෝල්ෆේස් වහලා කියන බෝඩ් කෑල්ල තබා සතේකට මායිම් නොකරයි.

මේ වන විටත් ජනතාව තම රට වෙනුවෙන් අරගයේ නිරත වෙනවා.

අරගලය ගැන බොහෝ ජායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

ඒ අතර හරි අපුරු සටහනක් ද මේ වන විට ඉතා ඉක්මනින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙසේ හුවමාරු වෙනවා.

එයාලා පාර මැදට ආවා

එයාලා කිව්වෙ සුදුපාට තොප්පි දාගත්ත අය

ඔළුව වැහෙන්න රෙදි දාගත්ත අය

එයාලා වටේට අපි හිටගත්තා

අපි කිව්වේ

අතේ පිරිත් නූල් තියන අය

කරේ කුරුසයක් එල්ලෙන අය

නළලෙ තිලකයක් තියෙන අය

එහෙම මොකුත්ම සළකුණක් නැති අය

එයාලා එයාලාගෙ රටඉඳි බෙදාගෙන අපිටත් දුන්නා. අපි අපේ බිස්කට් එයාලට දුන්නා. වෙලාව එන්න තව ටිකක් තියනවා. එයාලා දවසෙම බඩගින්නේ.

ඔන්න එයාලාගෙ කෙනෙක් මයික් එකක් අරන් කතාකරන්න ගත්තා. හැම මනුස්සයෙක් වෙනුවෙන්ම අරගල කරමු කිව්වා. මේ බිමේ කොහේවත් අන්තවාදයක් නෑ කිව්වා. හැමෝම අත්පොඩි ගැහුවා. එකිනෙකා තදින් බදගත්තා. ආදරෙයි කියාගත්තා. එයාලා කනකල් රටඉඳි අතේ තියන් අපි බලාඅගෙන හිටියා. එයාලා දෙවියන් යැද්දා. ඊට පස්සෙ අපෙන් කෙනෙක් go home කිව්වා. එයාල ඉදගෙනම gota කිව්වා.

ඔව්! එතන ඉන්න හැම කෙනෙක්ම එකට බැඳිලා හිටියා. එයාලට එක පොදු සතුරෙක් හිටියා. ඒ තමයි gota. ඔව් සන්තෝෂයේ කඳුළු පුරවන් මං පින්තූරයක් ගත්තා. මේක ඉතිහාසගතවෙන විශිෂ්ට දවසක්. අපි දිනලා ඉවරයි. අපි කියන්නෙ මේ හැම මිනිහෙක්ම දිනලා ඉවරයි. දැං අපරාධකාරයෝ එළවන්න ඕන. ඒක වෙන්න නම් රටේ මුල් පුටුවෙන් මේ රටට උදව්වක් ඕන. පුටුව උඩ තියන් රත් කර කර ඉන්න පස්සට පයින්ගහලා මේ මිනිස්සු එළවනකල් ඉන්නැතුව දැං බැහැලා යන්න ඕන.

ඔව් නන්දේ ඔයා යන්නම ඕන.

මනුෂ්‍යත්වයේ අරගලයට ප්‍රේමය

නිශාන්ත ෆර්නෑන්ඩු

2022 04 09

May be an image of one or more people, people standing and crowd

May be an image of 6 people and outdoors

Rate this item
(1 Vote)
Last modified on Saturday, 09 April 2022 21:36