April 19, 2024

"අපි හම්බ කරන්නේ එක පවුලකට සැප ගන්න නෙමෙයි" - රට වෙනුවෙන් පාරට බැස්ස සුමිරාන්ගෙන් සැර කතාවක්

සුමිරාන් ධනංජය ගුණසේකර කියලා කියන්නේ වර්තමානය වන විට බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ ප්‍රසිද්ධ කලා තරුවක්.

ඉතින් ඔහු විසින් රඟපාපු විවිධ ටෙලි නිර්මාණයක් අපේ හදවත් තුළ තාමත් තියෙනවා.

ඒ තුලින් මේ දිනවල තාමත් විකාශය වන නීල පබළු ටෙලි නාට්‍යයේ සුමිරාන් බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්තු චරිතයක් රඟපානවා.

ඒ වගේම රංගන ශිල්පියෙක් වශයෙන් කටයුතු කරන ඔහු මේ දිනවල සිරස වොයිස් වැඩසටහනේ නිවේදකයා වශයෙනුත් ක්‍රියා කරනවා අපිට දකින්නට පුළුවන්.

දඟකාර කටකාර කඩවසම් තරුණයෙක් වන සුමිරාන් මේ වෙද්දි විවාහ වෙලා ආදරණීය පියෙකු ගේ භූමිකාව තුළ සතුටින් ජීවත් වෙනවා.

මේ දිනවල කලාකරුවන් රැසක්ම තමන්ගේ වැඩකටයුතු සියලුම පස්සට දාලා රටේ අභිවෘද්ධිය වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් හඬ නගන්න මහපාරට ඇවිල්ලා ඉන්නේ.

එවැනි වටපිටාවක් තුළ සුමිරාන් ගුණසේකරත් මතු පරපුපරපුර වෙනුවෙන් ඔහුගේ හඬ අවදිකරන්නට ජනතාවත් එක්ක එකතු වුණා.

මේ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් ඉදිරිපත් කළ ඔහු සඳහන් කල දේ  තමයි අපෙන් හොරාකාපු සල්ලි ටික අපිට දෙන්න කියන දේ.

ඒ වගේම අගමැති තුමා දකුණු ආසියාවේ කෝටිපති යා වීමට තරම් වත්කම් රැස්කර ගත්තේ අහිංසක ජනතාවගේ මුදල් හූරගෙන කාල කියලත් මේ අවස්ථාවේ දී ඔහු ප්‍රකාශ කළා.

සුමිරාන් ඒ පිළිබඳව මාධ්‍යයට අදහස් ඉදිරිපත් කළේ පහත ආකාරයටයි.

“තාමත් මේ පවුල වෙනුවෙන් හිත උණු වෙනවා නම් කඩේ යනවා නං ඒ තමන්ගේ දරුවා වෙනුවෙන් නෙවෙයි. පවුලක් වෙනුවෙන් රට වහන්න පුළුවන් වුණා නං දෙකෝටි විසිපන් ලක්ෂයකගේ රස්සාවල් නැති කරලා ගෙදරට වෙලා ඉන්න කියන්න පුළුවන්  උනානම්  ඒ පවුලට විරුද්ධව ඒ  දෙකෝටි විසිපන්ලක්ෂයට ට නැගිටින්න පුළුවන් කම තියෙන්න ඕනේ. මේක තමයි වෙලාව ඒකට ආයෙ වෙලාවක් එන්නේ නැහැ. අපි කියන්නේ මෙයාලට ගෙදර යන්න නෙමේ අපි කියන්නේ මේ පරම්පරාව ඇතුළු පිරිස හොරාකාපු හැම සතයක් ම අපිට ගන්න ඕනි. අපි ගත්තට පස්සේ ගෙදර ගියත් එකයි නැතත් එකයි ඒක ඔයගොල්ලො තීරණය කරන්න.

හැබැයි උන් අපෙන් හොරාකාපු හැම සතයක් ම අපි හම්බ කරගන්න ඕනි ඒක තමයි මගේ ප්‍රතිපත්තිය මම හිතනවා ලංකාවෙ මිනිස්සුන්ගෙ ප්‍රතිපත්තියක් ඒක තමයි කියලා. අපි දුක් මහන්සියෙන් හම්බ කරන්නේ  පවුලකට සැප දෙන්න නෙමේ අපි දුක් මහන්සියෙන් හම්බ කරන්නේඅපේ දරුවො වෙනුවෙන්. අපි හම්බ කරපු දේවල් වලින්  හොරාකාලා උන් සැප ගන්නවනං ඒකෙන් අපිට වැඩක් නැහැ. මෙයාලට කොච්චර වත්කම් තියෙනවද අද වෙද්දී එයා දකුණු ආසියාවේ ලොකුම කෝටිපතියා වෙන්නෙ කොහොමද ඒ එයාලා හම්බකරගෙන නෙවෙයි අපෙන් හොරා කාලා  ඉතිං ඒ සල්ලි ටික් අපිට දීලා ඕනි තූත්තුකුඩියකට යන්න පුළුවන්.”

Rate this item
(0 votes)
Last modified on Saturday, 09 April 2022 22:11