April 25, 2024

තවත් මොබයිල් ගේම් බිල්ලක්

වයස අවුරුදු 16ක පිරිමි ළමයකු ගෙල වැලලාගෙන මිය ගොස් ඇතැයි උඩුදුම්බර පොලිසිය පවසයි.

පෙරේදා උදෑසන උඩුදුම්බර වසමේ, හාලියල, උඩුදුම්බර ලිපිනයේ නිවසක මුලුතැන්ගෙය තුල පිරිමි දරුවෙකු ගෙල වැලලාගෙන මිය ගොස් ඇතැයි ලද පැමිණිල්ලක් මත උඩුදුම්බර පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මියගිය දරුවා දැඩි ලෙස ජංගම දුරකථන මගින් ක්‍රීඩා කිරීමට පුරුදුව සිටි අයෙකු බවට අනාවරණය වී තිබෙනවා.

මව විසින් ලබා දුන් අවවාද හේතුවෙන් සිත් තැවුලට පත්ව නිවසේ මුලුතැන්ගෙහි වහලේ දොර රෙද්දක් ආධාරයෙන් ගෙල වැලලාගෙන ඇති බවට විමර්ශනයේදී අනාවරණය වූ බව පොලීසිය පවසයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 April 2022 18:48