April 25, 2024

"අද රටේ ඇති වී තිබෙන තත්ත්වයට පවතින රජය වගකිව යුතුයි" - නීල්ගෙන් සැර කතාවක්

අද රටේ ඇතිවී තිබෙන තත්ත්වයට පවතින රජය වගකිව යුතු බව ගායන ශිල්පී නීල් වර්ණකුලසූරිය පවසනවා.

හොරකම් නොකරන පාලනයකට රට ගෙන යා යුතුව ඇතැයි ද ඔවුන් සඳහන් කරනවා.

කලාකරුවන්ගේ සංවිධානය පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔවුහු මේ බව කියා සිටියා.

ඔහු එහිදී මෙසේ ද අදහස් දක්වා සිටියා,

"අද රටේ ඇතිවී තිබෙන තත්ත්වයට පවතින රජය වගකිව යුතුයි. ඉතාම පොහොසත් පවුල් ගණනාවක් මේ ක්‍රමය යටතේ බිහිවෙලා තිබෙනවා. ඔවුන්ට තිබෙන වාහන ගණන එකපාරට කියන්න කියලා කිව්වොත් ඒක එකපාරට ගණන් කරලා කියන්න බෑ. රජයේ දේපොළ, මහජන මුදල් හොරකම් නොකරන පාලනයක් ගොඩනගන්න, අළුත් ක්‍රමවේදයකට රට ගෙනැවිත් සුන්දර රටක් කරමු. අපිට නැතිවුණත්, එතැනින් එහාට ඉන්න මේ පොඩි දරුවන්ටවත්."

Rate this item
(1 Vote)
Last modified on Friday, 08 April 2022 09:44