April 18, 2024

"ඒ කාගෙ හරි රස්සාව නැති කරොත් මං ඒ වැටුප ගෙවනවා" - මිලානෝහි සිටින ශ්‍රීලාංකික තරුණයෙක් කියයි

පාර්ලිමේන්තුව වටලපු දවසේ අංක තහඩු රහිත බයික්වලින් ආපු කලු ඇඳගත්ත පිරිසක් විරෝධතාවය උණුසුම් කළා.

එතන හිටපු සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් වෙත්තසිංහ මහතා ඒ වෙලාවේ ඔවුන්ව නවත්තගෙන ඔවුන්ව එතනින් ඉවත් කරන්න කටයුතු කරනවා.

මේ සිද්ධිය මුල් කරගෙන මේ වෙනකොට රජයෙන් ඔහු ගැන පරීක්ෂණයක් කරන බවත් වාර්තා වෙලා තියෙනවා. 

මේ අපි කියන්නේ ඒක ගැන නෙවෙයි.

ඉතාලියේ මිලානෝ වල සිටින ශ්‍රී ලාංකිකයෙක් හරියටම කිව්වොත් ලස්සන හදවතක් තියෙන තරුණයෙක් මේ පොලිස් නිලධාරියා වෙනුවෙන් ඉදිරිපත් වෙලා තියෙනවා.

"පාර්ලිමේන්තුව ගාවට බයික්වලින් ආපු සෙට් එකෙන් අපේ කොල්ලො බේරගත්ත වෙත්තසිංහ මහතාගේ හෝ වෙනත් නිලධාරියෙකුගේ රැකියාව අහිමි කරොත් නැවත රැකියාවක් ලැබෙන තුරු මම ඒ වැටුප ගෙවනවා..."

ඔහු මේ පණිවිඩය ලියපු පෝස්ටරයක් ඔසවගෙන ගත්තු ඡායාරූපයක් මේ වෙනකොට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 08 April 2022 09:45