April 19, 2024

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් පෙනී සිටි ටියුෂන් ගුරු තිස්ස ජනනායක ජාතියෙන් සමාව ගනී

තිස්ස ජනනායක කියන චරිතය පසුගිය කාලසීමාව තුළදී සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් ප්‍රසිද්ධ වුණා. ඔහු දක්ෂ ටියුෂන් ගුරුවරයෙක්.

ඒ වගේම පසුගිය කාලසීමාවේදී වසංගත කාලයේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා රූපවාහිනී නාලිකා සමග එකතු වෙලා වැඩ කටයුතු කරන්නත් තිස්ස ජනනායක මහත්මයා අමතක කළේ නැහැ.

හදවතට දැනෙන්න ජීවිතය සකසා ගන්න අපූරු අවවාද අනුශාසනා ලබා දෙන ටියුෂන් ගුරුවරයෙක් වන ඔහු සමාජයේ යම් කිසි කෙනෙකුට දෙයක් කියන්න පුළුවන් බලපෑමක් කරන්න පුළුවන් චරිතයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්.

ඉතින් පසුගිය කාලසීමාව තුළදී පවතින ආණ්ඩුව ස්ථාපිත කිරිමට ඔහු වැඩ කටයුතු කරා කියන්න බොහෝ දෙනෙක් දන්නවා.

ඒ කෙසේ නමුත් මේ වන විට ඇතිවෙලා තියෙන ගැටලුකාරී තත්ත්වය නිසා තිස්ස ජනනායක මේ ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටියාට සමාව ඉල්ලමින් සංවේදී සටහනක් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට එකතු කරනවා.

ඒ සටහන පහතින්,

“මේ අවස්ථාවේ මම මගේ රටේ සියලුම මහජනතාවගෙන් සමාව අයදිමි. මන්ද මා ද මේ අභාග්‍යසම්පන්න පාලනයට රැවටීමෙන් එයට සහය දුන් බැවිනි. මින් පසු කිසිම දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට පාක්ශික නොවී නිර්පාක්ශිකව, නිර්දේශපාලණිකව ජනතාව පැත්තේ සිට ගමි.

ඒ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීම සඳහා සහයෝගය දැක්වූයේ, එවකට ලංකාවේ පැවති වාතාවරණය යටතේ මා මෙන්ම බොහෝ දෙනා සාපේක්ෂව ඔහු එම තනතුරට ගැලපෙන බව විශ්වාස කල හෙයිනි. නමුත් එය එසේ නොවන බව අප සියලු දෙනාටම පසක්වී හමාරය.

බොහෝ තරුණ තරුණියන් බිත්ති පුරා චිත්‍ර ඇන්දේද එබැවිනි . නමුත් මගේ මව් බිමට මෙහෙම කෙලවේ යැයි මා මෙන්ම ඒ කිසිවෙකු සිතුවේ නැත.

මහ මැතිවරණයේ දී නාම යෝජනා ලබා දුන් දවසේම මා ෆේස්බුක් සටහනක් තැබුවේ පරන හොරුන් හටම නැවත නාම යෝජනා ලබාදීම පිලිබදව විරෝධය පල කරමිනි. දැන් තවත් නාටකයක් දැකිය හැක. එනම් කැබිනෙට්ටුව වෙනස් කිරීම ලෙස පරන අසාර්ථක චරිතම ලේබලය මාරු කරමින් පත්කරමින් සිටී. මෙසේ ජනතාවට විහිලු සැපයීම දැන්වත් නතර කර ජනතාවගේ සැබෑ හඩට දේශපාලකයන් සවන්දිය යුතුමය.”පෝලිම් කොහෙද තියෙන්නෙ ?”,  “අපිට හූ කිව්වොත් අපිත් නිකන් ඉන්නේ නැහැ” වැනි උද්දච්ච ප්‍රකාශ නිකුත්කරන මැති ඇමතිවරුන් ඉවත් කර දැමීම වෙනුවට ඔවුන්ගේ ලේබල් මාරු කිරීම තවත් මහජනතාව කුපිත වන හේතුවකි. මේ රටේ අනන්තවත් දුර දක්නා නුවණැති, අවංක, රටට ආදරය කරන, දක්ෂ , ජාත්‍යන්තර  සම්බන්ධතා පිලිබඳ අත්දැකීම් ඇති දියුණු රටවල උපදේශකයන් පවා වී සිටි මහාර්ඝ මිනිසුන් සිටී. ඔවුන්ට අවස්තාව දී ඔවුන්ගෙන් වැඩ ගෙන මේ අර්බුදයට සැබෑ විසඳුමක් සකස් කරන තෙක් ජනතාව රැවටිය නොහැක.

තිස්ස ජනනායක –

2022-04-04″

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 April 2022 10:12